IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මත් ජාවාරම්කරුවෙක්ගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි

(රෝෂන් තුෂාර)

නීති විරෝධී ආකාරයෙන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයා ගත්තේ යැයි කියන ඇඹිලිපිටියේ ජයසිංහ ආරච්චිගේ හේමන්ත  යන සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික දේපල තහනම් කිරීමට රහස් පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද(28)  කටයුතු කර ඇත.

ඇඹිලිපිටියේ නව නගරයෙහි  පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් හා ඇඹිලිපිටිය තුන්කම ප්‍රදේශයෙහි පර්චස් 39.5 ක ඉඩම සහ ව්‍යාපාරික ස්ථානයක් මෙසේ ක්‍රියා විරහිත කර ඇත.

මුදල් විශුද්ධිකරණ පනතේ 7(1) වගන්තිය  ප්‍රකාරව  ක්‍රියා විරහිත කිරීමේ නියෝග  ලබා ගෙන ඇති අතර මෙම දේපළ සැකකරු විසින් ඔහුගේ බිරිඳගේ නමට මිලදී ගෙන ඇති බවද පැවසේ.

නියෝජ්‍ය පොලිස්පති පවිත්‍රා දයාරත්නගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එම්.ආර්. විජයසේන මහතාගේ මූලිකත්වයෙන් ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකෙරේ.



අදහස් (3)

මත් ජාවාරම්කරුවෙක්ගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි

කොක්කඩ නිලමේ Wednesday, 28 May 2025 07:14 PM

වැඩ පටන් ගත්තා. රස්සාවක් නොකර ප්‍රකෝටිපතියෝ වෙච්චි මෝඩ පුතාලා ප්‍රමුඛ හොර නඩය සූදානම් වෙලා සිටිනු...!

:       2       77

NishanthaWednesday, 28 May 2025 11:34 PM

ජීවිතේම රස්සාවල් නොකර අනුන්ගෙන් කාලා ඇඳලා බිලියන 7 ක පක්ෂ අරමුදලක් හදුපු අය ගැනත් හොයන්න ඕනෑ...

:       0       1

ADThursday, 29 May 2025 12:23 AM

මත් ජාවාරම්කරුවන්, රජය නිලධාරින් සහ දේශපාලකයින්ගේ සහ ඔවුන්ට සම්බන්ධව කටයුතු කළ සියලු දෙනා දූෂිත ගනුදෙනු මගින් උපයාගත් මුදල් සියල්ල රජය සතු විය යුතුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site