IMG-LOGO

මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ

(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශ නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම පාර්සල් ප්‍රංශය , ඇමෙරිකාව ,කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර , මීගමුව , ජා ඇළ , වැල්ලවත්ත , නුගේගොඩ , තංගල්ල , මහියංගනය සහ යාපනය යන ප්‍රදේශ වල පිහිටි ලිපිනයන්ට භාර දීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණි .

මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාළය තුළ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , පසුගිය 19 දින ඒවා  විවෘත කර පරීක්ෂා කිරිමට තැපැල්පතිවරයාගේ අනුමැතිය  ලබා ගෙන ඇත. 

එහිදී  ඒවායින් පාර්සල් 14 ක '' කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272 ක් සහ '' මෙතැම්පටමයින් '' මත්ද්‍රව්‍ය පෙති 2,049 ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි .



අදහස් (1)

මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ

ජගත් Friday, 21 March 2025 02:46 PM

මේවා නවත්තන්න අවශ්‍යනම් මුලින්ම කරන්න ඕන ඔය ස්තාන වල වැඩකරන සේවකයන් මාරු කරන්න ඕනෑ. ඒ අය තමයි ඔතැනින් ඕවා එළියට අරන් දෙන්න කටයුතු කරන්නේ... ඔය පාර්සල් ඒ විදිහට නිදහස් කරගන්න බැරි වුණු නිසා ඒ අයම බාරකරුවන්ට කියනවා එන්න එපා මේවා මෙතැනින් අහුවෙලා තියෙන්නේ කියලා. මොකද නිදහස් කරගන්න ආවගමන් ඒ අයව නීතියෙන් අල්ලාගන්න නිසා. ඔය තැන්වලට බුද්ධි අංශ අනිවාර්යයෙන් අනුයුක්ත කරන්න ඕනෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site