IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැතිසබේ හිංසන සිද්ධිය: සේවක සේවිකා තවත් පිරිසකගෙන් කටඋත්තර

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන  අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර  විමර්ශන කමිටුව එහි තවත් සේවක සහ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ඊයේ සහ පෙරේදා ප්‍රශ්න කර  කටඋත්තර සටහන් කරගෙන  ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ විමර්ශන කටයුතු මේ සතියේදී අවසන් වීමට නියමිතය. විමර්ශන අවසන් වීමෙන් පසු එහි වාර්තාව  බොහෝ දුරට සති දෙකක් ඇතුළත  කතානායකවරයාට  බාර දෙනු  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

බාහිර විමර්ශන කමිටුව  පාර්ලිමේන්තුවේ  මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම්  කාර්ය මණ්ඩල  ප්‍රධානී  නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න  යන මහත්ම මහත්මීන්ගෙන්ද  ඉකුත්දා  ප්‍රකාශ සටහන්  කර ගැනිණ

එම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ පරිපාලනයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා යැයි  දැනගන්නට ඇත.

ඒසේම  සිද්ධිය සම්බන්ධයෙන්  තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ බුද්ධික නවගමුව, චමින්ද විල්ලෝරාරච්චි,  නරේන්ද්‍ර ලක්මහල්  සහ  දමින්ද වික්‍රමරත්න  යන ප්‍රධානීන්ගෙන්ද පැමිණිලිකාර  නිලධාරිනියගෙන්ද හිටපු පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා  දිසානායක මහත්මියගෙන්ද මීට ප්‍රථම  ප්‍රකාශ සටහන් කරගෙන අැත

මෙම  සිද්ධිය  සම්බන්ධයෙන් බාහිර විමර්ශන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක් කතානායකවරයාට  ස්තුතිය පුද කර සිටිති.

 



අදහස් (2)

මැතිසබේ හිංසන සිද්ධිය: සේවක සේවිකා තවත් පිරිසකගෙන් කටඋත්තර

නිමල් කුමාර Thursday, 30 October 2025 06:16 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ.

:       0       6

Rama Friday, 31 October 2025 06:07 AM

හැම දෙනාටම සාධාරණ වෙන්න නම් ඇතුලේ ඉන්න ලොක්කන්ගෙනුත් ප්‍රකාශ ගන්න ඕන. බාහිර කමිටුවකින් විමර්ශන කරනවිට අභ්‍යන්තර විමර්ශනයට වඩා හොඳ වෙන්න පුළුවන් ඒ බාහිර කමිටුව අපක්ෂපාතීව විමර්ශන කරනව නම්. ඒ නිසා ඔය බාහිර කමිටුවේ ඉන්න අය ගැන හොයලා බලලා පත්කරන්න ඇති කියලා හිතනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site