
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
විශේෂ උත්සව අවස්ථාවන්හිදී ජනාධිපතිවරයා හෝ වෙනත් රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවට ඇතුළු වන්නේ මෙම තඹ දොරෙනි.
තඹ දොර උඩ පහළ කිරීමට යොදා ගන්නා “බෙයාරින්” කොටස් ක්‍රියාත්මක නොවන ආකාරයට ගෙවී ගොස් ඇතැයි වාර්තාවේ. තඹ දොර අලුත්වැඩියාව සඳහා අවශ්‍ය උපකරණ පාර්ලිමේන්තුවෙන් සැපයෙන අතර යුද හමුදාව එය පිළිසකර ශ්‍රමදායකත්වය සපයයි.
මේ අතර පාර්ලිමේන්තුවේ අම්බලන්ව පවතින තවත් බඩුමුට්ටු රැසක් පිළිසකර කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබේ තඹදොර හදන්න හමුදාව
රම්බොඩ Monday, 31 March 2025 10:40 AM
මෙන්න හමුදාව වෙන වෙන රාජකාරි වල යොදවනවා. ඒක එයාලට අගෞරවයක් ! අන්න එහෙම තමයි දැන් ආණ්ඩු කරන අය ඉස්සර කෑ ගැහුවේ.
sachithMonday, 31 March 2025 11:09 AM
සාරිවල කටු ගහන්න, ගෙවල් වල බල්ලන් බලාගන්න වගේ දේවල් නෙවෙයි නේද මේවා...?
ලලනිMonday, 31 March 2025 05:45 PM
ගෙවල්වල කුලී වැඩට යොදවන එකයි මේකයි අතරේ වෙනස තේරුම් ගන්න තරම්වත් මේ රම්බොඩ කියන එක්කෙනාගේ මොලේ වර්ධනේ වෙලා නෑ...
Nihal Dharmatileke Monday, 31 March 2025 01:19 PM
වහලයට අලුතින් තීන්ත ගෑමත් අවශ්‍යයයි
ගුණරත්න Monday, 31 March 2025 04:05 PM
මේක පෞද්ගලික සමාගමකට මිල ගණන් කැඳවා වගකීම බාර දුන්නා නම් හොඳ නැත්ද? එහෙම කළා නම් දේශීය සමාගමකට මුදලක් ලැබෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා. එහෙම නැතිව හමුදාව කරන්න ඕන දේවල් නොවෙයි.
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 31 March 2025 05:19 PM
ගලවලා අයින්කරන තඹ ටික කාටද? පාස්කු ප්‍රහාරයට සැකපිට අල්ලපු තඹ, පිත්තල එකතු කරන ඊබ්‍රහීම් නානාටද?
ලූට මූස් Monday, 31 March 2025 05:41 PM
හොඳට චෙක්කරලා බලන්න, හිටපු අයියලාගේ හැටියට ඕකේ තඹ ටික හූරාගෙන ටිං බෙලෙක්ක අලවලා තියෙන්න බැරි නෑ...