
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය ඩ්‍රෝනා යානා කීපයක් යොදාගෙන මෙසේ වීඩියෝ ගත කෙරුණු බව එහි නිලධාරියෙක් පැවසීය. පාර්ලිමේන්තු පරිශ්‍රය මෙසේ වීඩියෝ කර ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධ වාර්තාමය චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහාය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ නිලධාරීහු කණ්ඩායමක්ද මෙරට නියෝජිතයෝ පිරිසක්ද මෙම කටයුත්තට සම්බන්ධව සිටිති. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද ඩ්‍රෝනා මෙහෙයුම් වරින් වර සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd