
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් 2024 සිසු අරගලයෙන් පසු ධුරය හැර දමා ඉනක්දියාවට පලා ගිය එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි.
එම සිසු අරගලෙයන් පසු බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවිය. ඊයේ (12) පැවැත්වූයේ සිසු අරගලයෙන් පසු පළමු මැතිවරණයයි. හසීනා නියෝජනය කරන්නේ අවාමි ලීගය පක්ෂය වන අතර, පනවා ඇති තහංචි හේතුවෙන් එම පක්ෂයට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නොහැකිය.
ඉන්දියාවේ සිට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හසීනා පැවැසුවේ, තම පක්ෂය තහනම් කර ඇති බැවින් සහ ඡන්ද දායකයන් ඉකා අඩු ප්‍රතිශතයක් ඡන්ද පොළට යෑම හේතුවෙන් මැතිවරණය අවලංගු කළ යුතු බවය.
ඊයේ (12) සවස 4.30 වෙද්දී ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වුණු අතර, එසැණින් ඡන්ද ගණන් කිරීම ආරම්භ විය. බංග්ලාදේශ මැතිවරණ බලධාරින්ට අනුව, ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 55 කි. මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණේ මිලියන 127 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවය.ෙ
මාධ්‍ය වාර්තා කර ඇත්තේ, බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරියෙන් පසුවන බවය. එම පක්ෂයට නායකත්වය දෙන්නේ අභවප්‍රාප්ත බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ පුත්‍රයා තරීක් රෙහ්මාන්ය.
පසුගිය 17 වසරක කාලය පුරා තරීක් රෙහ්මාන් ජීවත් වූයේ ලන්ඩන් නුවරය. ඒ, ඇගේ මව සහ පවුලේ සාමාජිකයන් ෂෙයික් හසීනාගේ පාලනය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු බැවිනි. ඔහු යළි බංග්ලාදේශය බලා පැමිණියේ පසුගිය 2025 දෙසැම්බරයේය.
බංග්ලාදේශ පාර්ලිමේන්තුව නියෝජිතයන් 350 දෙනකුගෙන් සමන්විත අතර, එයින් 300 දෙනකු මහජන ඡන්දයෙන් තෝරා ගැනීම සිදුවෙයි. ඉතිරි 50 කාන්තාවන් සඳහා වෙන් කර ඇත.
මැතිවරණයට සමගාමීව ජනමත විමසුමක් ද පැවැත්විණි. ඒ නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමිනි. එම ප්‍රතිසංස්කරණ යටතේ අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය ද සීමා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ හොරකම් ව්‍යවස්ථාවට එකඟයිද?
පැනල ගිහිල්ල හැංගිල ඉඳල දැන් ආයෙත් කෑගහන්න පටන් අරන්. තව ඔය කලාපේ කාලකන්නි පාලකයෝ ටිකකුත් ඔහොමම හැසිරෙනවා.