IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


’මත්රකුසා රටම වෙලාගෙන’

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (10) පැවසුවාය.

කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති එම නගර සභාවේ නොවැම්බර් මස මහ සභාවේදී නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය.  

මත්ද්‍රව්‍යයට ඇබැහිවූ මව්පිය දෙපළක් අත්අඩංගුවට ගෙන සිරගත කළේ යැයි මෑතකදී හමුවූ පොලිසියේ නිලධාරීන් හතර දෙනෙක් පැවසූ බවත් එම මව්පියන්ට දරුවන් සිටින්නේ දැයි ඔවුන්ගෙන් විමසූ බවත් ඇය පැවසුවාය.

එම දෙපළට මාස තුනක දරුවෙක් සිටින්නේ යැයි පැවසූ පොලිස් නිලධාරීන් දරුවගේ ලේවලත් විෂ මත්ද්‍රව්‍ය ඇතැයි කී බවද නගරාධිපතිනිය සාමාන්‍යයෙන් කිරි දෙන අම්මාගේ කිරිවලින් දරුවන්ට එසේ විෂ ශරීරගතවිය හැකි නිසා කිරි හරහා දරුවාට විෂ ශරීරගත වන්නට ඇතිනේද යැයි ප්‍රශ්න කළ බව ද ඇය පැවසුවාය.  

දරුවාගේ ශරීරයේ ඇති විෂ මත්ද්‍රව්‍ය සාන්ද්‍රණය අනුව දරුවට මත්ද්‍රව්‍ය දී ඇතැයි පොලිසිය පැවසූ බවත් මත්ද්‍රව්‍යයට පිරිමි පරපුර එකතු වුණා, ඉන් පසුව තරුණ පරපුරත්, ඉන් පසුව කාන්තා පරපුරත් එකතු වූයේ යැයි කථා වූවත් වර්තමානය විට එය වෙනස් වී ඇති බවත් නගරාධිපතිනිය පැවසුවාය.

විෂ මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙනයන ‘රටම එකට’ වැඩපිළිවෙළට කොළඹ නගර සභාව එකතු වන බව ද නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය. 



අදහස් (1)

’මත්රකුසා රටම වෙලාගෙන’

Rasika Tuesday, 11 November 2025 03:01 PM

අනේ අපොයි පිරිසිදු නිකලැල් මාලිමාව... රෙදි ඇදගෙනද ඕවා කියන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site