
(බිමල් ශාමන් ජයසිංහ)
මිරිහාන මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල්යායක් අසබඩ පිහිටි "කමත" නැමතිි ස්ථානයේ ඊයේ (01) වන දින රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය පවසයි.
රටම එකට මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතරතුර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත සංගීත ප්‍රසංගය පැවති ස්ථානය අවට මෙහෙයුමක් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම අවස්ථාවට තරුණ තරුණියන් 600 කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත් ඒ අතුරින් සැකකටයුතු ලෙස හැසිරුණු තරුණයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හා ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණ පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කුෂ්, පිල් නමැති වර්ගයේ ඩාන්සින් ටැබ්ලට්, මැන්ඩි, හෑෂ්, ගංජා, කේරළ ගංජා, ෆී කැප් නැමැති මත්කරල්, විදෙස් රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් තරුණ තරුණියන් මීගමුව, අනුරාධපුර, ගාල්ල, කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, නුවරඑළිය, හැටන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් මොවුන් වයස අවුරුදු 16 සිට 35 අතර වයස් වල පසු වන අය බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
697
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත්ද්‍රව්‍ය සමඟ තරුණ-තරුණියන් 31ක් අත්අඩංගුවට
BBC Sunday, 02 November 2025 02:37 PM
මතට ඇබ්බැහි වුණු අයව එයින් ගලවන එක ලේසි නැහැ. මේ අය තමයි මත් කුඩු, අයිස් යට ලෙවල් එකේ ප්‍රවාහනය කරන්නේ. විශේෂයෙන් මතට ඇබ්බැහි වුණු ලස්සන ගැහැණු ළමයින්, මේ අය මත් කුඩු විකුණන අයගේ වහල්ලු වගේ වෙලා තියෙන්නේ ඔවුන්ට මත් කුඩු, අයිස් වලින් තොරව ඉන්න බැරි නිසා. මේ දාමය කන්නම ඕනේ. මගේ අත්දැකීම් අනුව, බහුතරයකට හිත පාලනය කරගන්න බැහැ... මේ අයව පාලනය කරන්නේ කුඩු, අයිස්, මත් කුඩු, පෙති ඕනේ වෙනකොට දැනෙන වේදනාවට ඔවුන්ට ඒ මත් කුඩු, පෙති වලට යන්නම ඕනේ වෙනවා. කෙනෙක් ගේ මාලයක් කඩන එක, අත දරුවෙකුගේ වුණත් මාලයක් කඩාගන්න එක, මිනිහෙක් මරලා වත්කම් ගන්න එක, මත් කුඩු වෙනුවෙන් ලැබෙන කොන්තරාත්තුවකට වෙඩි තියන එක මේ අය කරනවා. සාමාන්‍යයෙන් ශරීරය detox කරන්න අවුරුද්දක් වත් යනවා, සිංහල බෙහෙත් කරන වෙද මහත්තුරු ඉන්නවා කියලා අහලා තියෙනවා නාවින්නේ සහ කෑගල්ලේ මේ වැඩේ සතියෙන් දෙකෙන් කරන... තැඹිලි වතුර වලට සීනි දාලා බීවොත් ඉවසන් ඉන්න පුළුවන් අයට සතියකින් දෙකකින් හෙරොයින් නැතිව වේදනාව අඩු කරගන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන්, මේ කොටසට තාවකාලිකව, පෘතුගාලයේ වගේ පාලනයක් ඇතිව අවශ්‍ය කෙමිකල් ගන්න ප්‍රාදේශීය දිස්පන්සරි අරින එක...
රනේ Sunday, 02 November 2025 06:14 PM
ඔයගොල්ලෝ අසරණයි දරුවනේ. අපිත් අසරණ, රටත් අසරණ ඔයාලාගේ මේ වැඩ නිසා. හිතට අරගෙන අපි හැමෝම මේ උගුලෙන් ගැලවෙන්න බලමු.