
(අංජුල මහික වීරරත්න)
රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ "මිණි ධන පදනම" මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ.
මෙම මැණික් පුටුව නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට පූජා කෙරෙනු ඇත.
චුලෝදර- මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල් කර ගනිමින් ඇති කරගත් ගැටුම බුදුන් වහන්සේ විසින් සංසිඳවීම සිහිපත් කරමින් නාගදීප රජමහා විහාරස්ථානයට මැණික් පුටුව පූජා කිරීමට "මිණි ධන පදනම අපේක්ෂා කරයි.
මෙම මැණික් පුටුව පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ආරම්භ කරමින් මැණික් පුටුව රැගත් රථ පෙරහර හෙට (3) රත්නපුර ඔරලෝසු කණුව අසලින් පෙරවරු 8.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
එදින හවස කැලණිය රජ මහා විහාරයට වැඩම කරවන මැණික් පුටුව පසුදා (4) උදෑසන වනතුරු කැලණි රජමහා විහාරයේ වන්දනාමානයට තැන්පත් කෙරෙයි.
පසු දින (4) උදෑසන මැණික් පුටුව දඹුල්ල රජමහා විහාරයටත්, 5 වැනි දා සවස රුවන්වැලි මහා සෑයටත් වැඩම කෙරේ. අනතුරුව 6 වැනිදා යාපනය නාග විහාරයට සහ 7 වැනිදා මුහුදු මාර්ගයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයට මැණික් පුටුව වැඩම කරවන බව නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුවකට වන්දනා කරන්නේ මොන මෝඩ රැලක්ද?
මේකනං බුදුහාමුදුරුවෝවත් අනුමත කරන්නේ නැති මරි මෝඩ වැඩක්, අනික ඒක කැලණි රජමහා විහාරෙ වන්දනා කරන්න තියෙනවලු, පුටුවලට වදින්නේ මොන මෝඩයෝද? බුදු දහමටත් නිගාවක්. ඒ කෝටි සීය අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදාගන්න දුන්නා නම් කොච්චර වටිනවාද?
පුටුව වැඩම කරවනවලු, අනික කැලණි විහාරෙ තියනවලු පුටුවට වන්දනා කරන්න, එතකොට වදින්න ඕන “පුටුවං සරණං ගච්ඡාමි” කියලද? කැලණි නයා දෙවන කොටස!
පුටුවට වදින ගාථාවක් ප්‍රසිද්ධ කළානම් පාඩං කරගෙනම වන්දනා කරන්න යන්න තිබුණා!
දෙයියන්ගේ මල්ලි සුදු වෙනවා වගේ….!
බැලින්නං මේක නයි පුටුවක් නේ….! පුටුවට වඳින්න එන අයට රොටි දන්සැලකුත් දුන්නා නම් හරි!
මේ වගේ දෙයකට ගිය වටිනාකම දහ ගුණයකින් වැඩි කරලා පෙන්නලා... වත්කම් හංගන්න පුළුවන් ලස්සනට...
ලංකාවේ ඉන්න උපන් ගෙයි මෝඩ ව්‍යාපාරිකයෝ! Clean Sri Lanka ව්‍යාපෘතියේ ඉස්සරවෙලාම කරන්න ඕන මිඨ්‍යාෙවන් රට බේරා ගන්න එක...!
අනේ ඕක මිහින්තලේට දෙන්නකෝ...!
මේක විකුණලා පිළිකා රෝහලට අවශ්‍ය බෙහෙත් ආදිය අරන් දෙන්න තිබුණා. සාදුලාට උච්චාසන අකැපයි...
මැණික් පුටුව කියන්නේ මාමයි බෑණයි මරාගන්න මුල්වෙච්ච, කාම භෝගි වස්තුවක්. ඒකටද මෙයාලා වන්දනා කරන්න කියන්නේ?
අනේ මට නම් ඔච්චර සල්ලි නෑ. ඒක නිසා මං හිතුවා චිංචි මානවිකාවගේ දරමිටියේ අනුරුවක් හදලා පූජා කරන්න.
පුටුවට අති විශාල වටිනාකමක් තියෙන්න ඕනෑනේ, ඔච්චර මැණික් ගල් තොගයක් ඔබ්බා තිබෙන නිසා. ඒත් ඔතරම් වටිනා පුටුවක අසුන් ගන්නේ කවුද? ඔය මැණික් පුටුවට දැනටමත් රට පුරාම විසිරී පැතිරී සිටි හොර කල්ලි කෙල හලාගෙන ඇති... මැණික් ගල් තොගය ගලවාගෙන, මල්ලක දමා, ඩෙසි ආච්චිගේ ගෙදර ඉස්තොප්පුවේ කනප්පුව මත තිබ්බා නම්, මැදමූලන තක්කඩි හොරුන්ට රට පුරාම දැවැන්ත මන්දිර ඉදිකරවා ගන්න තිබුණාද ? පව්... අනේ ... පව් !
හොඳ වේලාවට. නාකි මයිනා ඇතුළු නඩේ ගෙදර යවලා පුටුව දුන්නු එක මේ පුටුව වටින්නේ කටුගෙදරට. හාමුදුරුවොත් ගිහියෝ වගේ ආසාව අත් ඇරියොත් ඒ දේ කරන්න පුළුවන්.... හොර නඩේ නැති නිසා කටුගේත් කඩන්න කෙනෙක් නැහැනේ...
මගේ මතකය් නිවැරදියි නම් මීට අවුරුදු දහයත් විස්සත් අතර කාලයේත් ඔහොමම එකක් කලාද කියල හිතෙනවා. කොහොම වුනත් පොඩිඑකා නිවැරදියි. මැණික් වලින් විශාල වශයෙන් විනිමයක් ලැබෙනවා තමයි. ඒත් ඉතින් සිදුවන පරිසර හානිය දේපල විනාශයත් ඇල දොල හා ජල උල්පත් සිදීයාමත් හා මහා මාර්ග හා අතුරු මාර්ග විනාශයත් බැලුවනම් මෙයට වියදම් කල මුදලින් විනාශවූ පරිසරය හා ජනතා සම්පත් ප්‍රතිසංස්කරණය කලානම් වඩාත්ම හොදයි
බෞද්ධ දර්ශනය පිළිපදින උගත් බුද්ධිමත් පුද්ගලයෝ නම් මේ මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කරලා මහා ආනිසංස ලැබෙන අපා දුකෙන් මිදි මේ සසර ගමන කෙටි කරගන්නවා. එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වුවද අසරණ මිනිසුන්ට ජිවිත වුවත් පරිත්‍යාග කරා මිස මේ වගේ රත්තරන් පුටු මැණික් පුටු වන්දනා කරා කියලා අහලා නෑ.
පැලවත්තේ පින්බතාලා ටිකට සල්ලි දුන්නේ නැහැ කියලා වෙන්න ඇති බත්බැලයෝ ටික උදේ ඉඳන් වයින් වෙලා, අසදෘශ දාන ගැන අහලාවත් නැති අය මේ. මේක තමයි සංස්කෘතිය, බුදුදහමේ ඉගැන්වීමට පරස්පර වෙන්නේ දෙන දේ අනුමත නොකළ මාර්ගයකින් ඉපැයීම විතරයි. දුන් උදවිය තමන් උපයපු මුදලෙන් මොනවා කළත් මොකද? පොළොන්නරුවේ අනුරාධපුරේ තිබෙන පුරාවස්තු ටික එහෙම තියෙන්නේ ඒ කාලේ හොඳ වියදමක් දරලා උසස් තත්වයෙන් හදපු නිසා, ඒවා නොවෙන්න අද අපිට පෙන්වන්න මොනවද ඉතුරු?