IMG-LOGO

මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ- )

බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අද (16) අලුයම මෝටර් රථයක් අනතුරට පත්වීමෙන් එය පැදවූ තරුණයකු මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම අඳුන්වැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වෙළඳ නාවිකයෙකු ලෙස රැකියාව කරන අකිල සංදීප නැමති 26 හැවිරිදි  තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවාය.

සිදුවූ අනතුරින් මෝටර් රථයට මෙන්ම අධිබලැති විදුලි කණුවකට බරපතල අලාභ සිදුවිය. අනතුරත් සමගම බණ්ඩාරගම ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වු අතර පැයක පමණ කාලයක් තුළදී යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩල සේවකයෝ පියවර ගත්හ.

මියගිය තරුණයා බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට ගොස් යළි නිවස කරා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී ගම්මන්පිල වැව් තාවුල්ල මධ්‍යයේදී  මෝටර් රථය මාර්ගයෙන් ඉවත ඉවතට ගොස් අධිබලැති විදුලි කණුවක ගැටී  අඩි පහළොවක් පමණ බෑවුමෙන් පහළට රූරා ගොස් බණ්ඩාරගම ප්‍රදේශයේ සිට කැස්බෑව ප්‍රදේශයට ජලය රැගෙන යන   ජල නල පද්ධතියේ කොන්ක්‍රීට් බැම්මේ ගැටි මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (1)

මෝටර් රිය විදුලි කණුවක ගැටී තරුණයෙක් මරුට

MD Sunday, 16 February 2025 04:07 PM

ගෙන ආ ආයුෂ අවසන්. හිතවතුන්, ඥාතීන් හැකි පමණින් අවසන් කටයුතු වලට සම්බන්ධ වී ඔහුට අවසන් ආගමානුකූල කටයුතු සිදුකොට විසිර යන්න....

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site