
(සුජිත් හේවාජුලිගේ )
බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇතැයිද තොරතුරු අනාවරණයවී ඇති බව පැවසූ අමාත්‍යවරයා ගිහියන් පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට යටවී මෙලෙස කටයුතු කර ඇති බවද සඳහන් කළේය.
බුද්ධාගමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.
ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසූ විජයදාස රාජපක්ෂ මහතා මේ සඳහා නව නීති සකස් කිරීමටද පියවර ගන්නා බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවේ බලලෝබි දූෂිත දේසපාලුවෝ කියලා නිකම්ද ? මිත්‍යා මත වැපුරුවා.හාමුදුරුවරු කිට්ටු කරගෙන කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
එතකොට වැලේ වැල් නැතිව ඉන්න දේශපාලුවන් ට යලි කරලියට එන්න බෞද්ධයන් අන්දනවා වෙන්න බැරිද ඇමතිතුමෝ?
ඔය හැම කෙනෙක්ම NGO වලින් මුදල් ගන්න අය වග සාමාන්‍ය ජනතාව වන අපිත් දන්නවා. දැන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම මිසක මාධ්‍ය හමු පැවැත්වීම නෙවේ.
ඒ කියන්නේ මේ රටේ තවත් විනාශ කරන්න දෙයක් ඉතුරුවෙලා තියනව කියන එකද ? අපි හිතුවේ පොහොට්ටුවෝ ටික මෙරට ඉවරටම ඉවර කරලා තියෙන්නේ කියල
අරාබි රටවල වගේ නීතී සැකසිය යුතූය. කුමන හෝ ආගමකට අපහාස කරන්නට දැඩි නීතී පැනවිය යුතුය. මරණීය දණ්ඩනයට නියම කල යුතුවේ.
ඕකට ඉතින් විජේදාසගෙ පොටෝ එකක් ඕනමද? 'මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි' කීවොත් වැරදිද?
පිටරට කතාවල් ගැන හිතන්න කලින් රට ඇතුලේ ඉන්නා බලවත් අය කරනා අපහාස කිරීම් ගැන කිසියම් පියවරක් නොගන්නේ මන්ද ? වඳ කොත්තු,වඳ සැත්කම් පාස්කු ප්‍රහාරය ආදියට නිසි විසඳුම් සෙවීමට කටයුතු කරාද ? එකරටක් එකනීතියක් කියමින් ආගමික සංහිඳියාව නැතිකරන කෙනෙකු මහජන මුදල් කොපමණ නාස්ති කළාද ? අද වෙනත් ප්‍රශ්න ඉස්මතු කරමින්,රටේ දේපල හා මුදල් හොරා කා රට බංකොලොත් කළ හොරදෙටුවන් ආරක්ෂා කරනවා.ඒ අය කළ කී දේ ගැන ජනතාවට කරුණු අමතක කරවන්නට නොයෙකුත් උප්පරවැට්ටි ක්‍රියාත්මක වෙනවා.වෙනත් සුළු ප්‍රශ්න ගැන සෙවීම පසෙක තබා රට බංකොලොත් කළ හොරුන්ගෙන් හොරා කෑ දේ නැවත පවරා ගැනීමට කටයුතු කරන්න.සිදුවිය යුත්තේ එයයි.ජනතාවනි,ඔබේ දේශපාලනය කුමක් වුවත්, හොරා කෑ සම්පත් හා මුදල් නැවත භාණ්ඩාගාරයට ලබාගත යුතුව ඇත.අප අද ලෝකයට ණය පිට ණය වී ඇත්තේ,දේශපාලුවන් මේ රට හොරා කෑ නිසා බව සැමදා සිහියේ තබාගන්න.
ඔය කියන්නෙ අර $ මිලියන් 250 ත් සමගද ?
මෙයාගෙ කටෙ තියෙන්නෙ මෙවගෙ පදනමක් සාක්කියක් නැති පුහු සමජය නොමග යවන පුරසාරම් විතරයි නේද මෙකත් හරියට එක්ස්ප්‍රස් පර්ල් නැවෙ මුදල් ගනු දෙනුව වගේම කතාවක්
මෙ කියන විදිහටනම් ඊගාව පාර රාජපස්ස කෙනෙක්ට නැගිටින්නම වෙනව රට රැකගන්න ලැබෙන අන්තිම අවස්තවට
රට විනාශ කරපු පොහොට්ටු හොරු ටික මේ සිද්දිය අල්ල්ලගෙන හැමදාම මාද්‍ය වලට වොයිස් කට් දෙනවා , ඔවුන් හදන්නේ මේ සිද්ද්ය යට යන්න නොදී මිනිසුන්ගේ තරහ දිගටම තියාගෙන සමාජයේ ප්‍රශ්නයක් ඇති කරන්න , මිනිස්සු බුද්දියෙන් සිටිය යුතුයි මේ වෙලාවේ
ඔහොම කතා කියන්න නම් මටත් පුළුවන්... කෝ මේවට ගන්න ඇක්ෂන්... හැමදාම කළේ කතා කිය කිය ඉන්න ඒක නේද?
මුන්ට ඔනෙ ආගමික ප්‍රශ්න - එතකොට මුන්ගෙ හොරකම් වහන්න පුලුවන්
අනේ මෙයාගේ කට... මේ කාලකණ්ණි දේශපාලකයන් තමයි කාලෙන් කාලෙට ජාතිවාදය ඇවිස්සුවේ...
ඔය කතාවලට මිනිස්සු රැවටුණු කාලේ දැන් ඉවරයි...