(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය කතාව බුදු සරණයි කියා පටන් පටන් ගත්තත් මැද දී නාලාගිරියාත් අවසානයේ අංගුලිමාලත් මතු වන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ණය, බදු සහ ආයතන විකිණීම අයවැයේ තුන් සරණ ලෙස පාවිච්චි කර තිබෙන්නේ යැයිද අලහප්පෙරුම මහතා කීය.

අයවැය පිට කවරේ බෞද්ධ දර්ශනය තිබුණාට පොත ඇතුළේ තියෙන්නේ මොනවාදැ යි විමසා බැලිය යුතු බව කී අලහප්පෙරුම මහතා හොර හරක් ලොරියෙත් බුදු සරණයි කියා ගසා ඇතැයිද ඒ පොලිසියෙන් බේරෙන්න ට උපක්‍රමයක් ලෙස බවද කීය.

ණය මත නොදුවන ආර්ථිකයක් ගැන අයවැය කතාවේ තිබෙන බවත් 2015 වසරේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ණය නැති රටක් ගැන කථා කළ බවත් කී ඩලස් අලහප්පෙරුම මහතා ඒ දෙකේ වෙනස ත්‍රෛලෝක විජය පත්‍ර සහ කංසා අතර තියෙන වෙනස වගේ එකක් බවද සඳහන් කළේය.