
(අංජුල මහික වීරරත්න)
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාල පැමිණිල්ල කළ බව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කීය.
මේ කියන විදියේ ව්‍යාපාරික මිතුරෙක් තමාට නැතැයි කී අමාත්‍යවරයා මෙවන් බොරු පුවත් පළ කිරීම නිසා පෞද්ගලිකව තමාටත් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලටත් අප කීර්තියක් සිදුවී තිබෙන බව සඳහන් කළේය.
බොරු තොරතුරු පළ කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.
COMMENTS
බුද්ධ ශාසන ඇමැති මොකටද පතල් කපන්නේ...? එතුමාට අයිති වැඩේ කෙරුවා නම් ඉවරයි නේ. ඇත්තටම මේ ඇමැතිතුමාගේ කාර්ය මොකද්ද?
පරාජිත, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැතුව කරන වැඩ...
සම්බන්ධයක් තිබ්බත්, නැතත් එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු හැටියට පතල වහන්න කටයුතු කරන්න.
උගන්ඩාවට ඩොලර්, ලක්ශ 12ට කාර් වංචනික ,ආකර්ෂණීය අධ්‍යාපනික සුදුසුකම් මෙකී නොකී කරනු දක්වමින් අපේ චන්දේ හොරකම්කරමින් පසුගිය සැප් 21ට සාපේක්ෂව ඉසිලිය නොහැකි දරුණු ආර්ථික අවපාතකයකට අපිව පත්කරමින් අපේක්ශා භංගත්වයකට පත්කිරීමට එරෙහිව ජනාධිපති, අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය විත්තිකරුවන්සේ නම් කරමින් අපිද නඩු ගොනු කරමු.
ඊළඟට යන්න වෙන්නේ ජාතික පුස්තකාලෙට පත් කරපු සභාපතිතුමා කොහේද ඉන්නේ කියලා හොයා ගන්න බැරුව...
NPP එකට බනින අය ගොඩක් තමාට අනීතික ප්‍රතිලාභ අහිමි වුණ වේදනාවට කෑ ගහන්නේ...
බුද්ධ ශාසන ඇමැති පන්සල් යන්නැතිව පොලිසි ගියාම, ආරක්ෂක ඇමැතිද පන්සල් යන්න ඕනෑ...? මොකක්ද ආචාර්ය මහත්තයෝ මේ පැටලීම...?
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා වගේ. බොහෝම ලේසි උත්තරයක්. මට එහෙම යාළුවෙක් නෑ. මම එහෙම කෙනෙක්ව දන්නේ නෑ.
සජබ, පොහොට්ටු කල්ලිය පිස්සු වැටිලා අද බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කෙළවරක් නැතිව මඩ ගහනවා. ඔවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙනවා ඒකාන්තයී...
ගොන් පාට්, කෙරෙන්න ඕන වනාන්තර රක්ෂිතය විනාස කිරිල්ලට එරෙහි වෙන එක මිසක් එක ගැන කරපු වාර්තා වල පිල්ලම් දෝෂ හොයන එක නෙවෙයි.