
(කේ බුද්ධික කුමාරසිරි)
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇතැයි පවසන රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙළ මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (13) නියෝග කළාය.
මෙලෙස ඇප නියම වූයේ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇතැයි පවසන තුෂාර හේමචන්ද්‍ර නැමති 53 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයෙකි.
අදාල නීති කෘත්‍ය අධිකරණයෙහි විභාග වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අදාළ මෝටර් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයකින් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා වූ ලිපි ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම එම මෝටර් රථය අදාල පෞද්ගලික මූල්‍ය ආයතනය වෙත ලබා දුන් මෝටර් රථයේ පළමු හිමිකරුගේ විස්තර ඇතුළත් ලේඛන ද මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෝටර් රථයේ මුල් හිමිකරු පිළිබඳව විමර්ශන කිරීමට නියමිත වේ.
.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සැක රියක් පැදවූ ව්‍යාපාරිකයාට ඇප