IMG-LOGO

බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
   
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන්  බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.
 
මෙම මෙහෙයුම  ඊයේ (11) පෙරවරු 6.00 සිට අද (12) පෙරවරු 6.00 දක්වා පැවැත්විණි.
 
මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන්ට  අමතරව විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් 10170කට චෝදනා එල්ල කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.
 
වැඩිම බීමත් රියදුරන්  පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප‍්‍රදේශයෙන් බවද රථවාහන පොලිස් මුලස්ථානය කියයි.
 
 මෙම මෙහෙයුම්  අඛණ්ඩව  සිදුකළ බවත්   අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ට  ඇප ලබා නොදී ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන බවත්,  වාහන මුදා නොහරින බවත්,   පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (14)

බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

kalani withanage Friday, 12 April 2019 11:25 AM

අහිංසක පදිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නරුමයින් මිනිසුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න...

:       0       208

dias Friday, 12 April 2019 01:15 PM

මෙවැනි අයට මෙදා පාර හිර ගෙදර තුළ අවුරුදු සමරන්නට සලස්වන්න.

:       0       136

BamunuarachchiFriday, 12 April 2019 02:20 PM

නොබොන එකා කට වහගෙන ඉඳපන්. බීමේ රස දන්නේ බොන එකා නොබොන එකා කොහොමද බීමේ රස දන්නේ...? අඩුම ගානේ හිතන්න බැරිද ලාබෙට තිබෙන ගල් බෝතලේ සිට 58000 වන බ්ලුලේබල් දක්වා, ඊට වඩා මිල අධික බීම පැත්තකින් තියමුකෝ, බීම මිනිස්සු බොන්නේ ඇයි කියලා... කියමුකෝ...

:       554       91

diasFriday, 12 April 2019 03:42 PM

අතේ සතේ නැතිවන තුරු මිනිසුන් ඉහවහා බොන්නේ කෑදරකම සහ නූගත් කම නිසයි. මෙහිදී පොලිසිය අල්වලා තියෙන්නේ බීමත් රියදුරන්. යමෙක් බීමත්ව සිටීමේ වරදක් නැති නමුත්, බීමතින් රිය පදවා පාරේ ගමන් ගන්නා අනිකුත් අය යට කරගෙන යාම වරදක්. එබැවින්, මෙවැනි වගකීමක් නොමැති රියදුරන් හට රුපියල් 50,000 දඩයක් සහ 6 මසක සිර දඬුවමක් හොඳ බව සිතමි.

:       0       284

BamunuarachchiSaturday, 13 April 2019 12:18 AM

බීලා වාහන පැදවීම ජීවිත විනාශයට හේතුව බවට පිළිගන්න දෙයක්. නමුත් නොබොන පුද්ගලයා බොන මිනිසා දිහා බලන්නේ ලොව තිබෙන අසික්කිතම දේ කරන මිනිසා දිහා බලන අකාරයටයි. එතනයි වැරැද්ද.

:       131       44

nandanaSaturday, 13 April 2019 08:56 AM

බීවට පසු මත්වී නන් දොඩවමින්, ශරීරයේ සියලු තැන් වලින් මත්පැන් ගඳ වහනය වෙමින් සිටීම ඇත්තටම අස්සිකිතයි.

:       0       48

raviTuesday, 16 April 2019 08:22 AM

" මත්පැන් " බොන්නේ .. සුද්දාගෙන් ලැබුණු බේබදු කමට ... ඉතින් .......... ඔබතුමා මෙතන කියවන්නේ .. වාචාල කමට .

:       0       57

janahitha Friday, 12 April 2019 02:13 PM

ඔව් ඩයස් ඒක නම් හොඳ අදහසක්. හැබැයි කෑම බීමට යන වියදම් ඔවුන්ගෙන් අය කරගත යුතුමයි. මහජන මුදල් ඒවාට වියදම් කළයුතු නැහැ.

:       1       128

Bamunuarachchi Friday, 12 April 2019 02:13 PM

යාළුවන් සමග බොන්න ඕනෙනම් ත්‍රීවීලර් වල යන්න බීලා ත්‍රීවීලර් වල එන්න. බීලා වාහන පදවලා අහුවෙලා එක එකාලට ඔලුව කසනනයි සල්ලි පූජා කරන්නයි ඕනේ නැත...

:       2       120

ChandimaSaturday, 13 April 2019 09:43 AM

ඒ වගේම ත්‍රි විල් රියදුරාට බොන්න දෙන්නත් එපා. මොකද ලංකාවේ රාලහාමිලා ඩ්‍රයිවර් විතරක් නෙමෙයි මගියොත් කුඩුවට දානවා. එක්කෙනෙක් හරි පැනල ගියොත් ගෙදර ඉන්න අම්ම තාත්ත උනත් අත් අඩංගුවට ගන්න බැරි නැහැ.

:       0       27

Mudali Friday, 12 April 2019 02:15 PM

බීමත් රියැදුරන් වාහනේ පදවන්නේ පාරෙ යන අනිත් අයටත් තමන්ටත් මරු කැඳවන්න. ඒ වගේ අයට අමතක නොවන අච්චුවක් කිරීමෙන් ජීවිත ගණනාවක් බේරා ගැනීමේ ආනිසංශ අත්වෙනවා ඒකාන්තයි.

:       0       159

de silva Saturday, 13 April 2019 11:20 AM

මේකට අදාල නොවුනත් ලියන්න ඕනේ දෙයක් තිබෙනවා රථ වාහන පොලිස් නිලධාරීන් ගැන, නගර තුල වාහන තද බද තිබෙන අවස්ථා වල පොලිස් නිලධාරියෝ අතපය වනමින් වාහන හසුරවන්න දෙන සංඥා තේරුම් ගැනීමට සමහර වෙලාවට හරිම අපහසුය, කරුණාකර පොලිස් නිලධාරියෝ වාහන හැසිරවීමේදී ලංකාවේ රථවාහන නීතියට අනුකුල, විදිහට නීති පොතේ තිබෙන ලෙස පාර මැද සිට සංඥා නිකුත් කරන්න ,

:       0       55

diasSunday, 14 April 2019 12:07 PM

අද නීති පොතේ හැටියට පොලිස් නිලධාරියා පාර මැදට ගොස් සංඥා දීමට ගියොත් ඔහුට සිදුවන්නේ වාහනයකට යටවී මිය යාමටයි.

:       0       18

PA - RA Sunday, 14 April 2019 12:14 PM

නීතියට ගරු නොකරන මේ අයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්න. 13.04.2019 ඊයේ දින අනුරාධපුර පාදෙණිය පාරේ එක් අයෙකු මිය ගියා. වහාම මෝටර් බයිසිකල් ධාවනය ගම තුලට සිමා කරන්න. ජීවිතයක වටිනාකම 260000/- ක් ද?

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 284 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 148 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1792 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site