
(සුමිත් පොතුපිටිය)
ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක එම ආයතනයේම තවත් තරුණයකු සමග සංගීත ප්‍රසංගයකදී නර්තනයක යෙදුණේ යැයි කියන සිද්ධියකට උරණ වූ තරුණියගේ සැමියාගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ තරුණයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
තම බිරිය සමග ඝාතනය ලක් වූ තරුණයා සංගීත ප්‍රසංගයේදී නර්ථනයේ යෙදුණු බව කියමින් ඊට උරණවූ ඝාතකයා අතර හට ගත් ආරවුලක් අතර තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.
මියගිය තරුණයා සමග නැටුමට එක් වූ බව කියන තරුණිය හා ඇගේ සැමියාගෙන් වෙන්වී ජිවත් වන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් දී මෙම සිද්ධිය සිදුව ඇතැයි ද පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කවේ මිනිසුන් විශේයෙන් තරුනයන් සන්ගිත සන්දර්ශන වලට යන්නෙ සංගිත රසය විදින්න නොවෙයි. එක්කො හතුරෙකුට ගහන්න නෑති නම් පලි ගන්න. ගෑනු අයට පෙන්න රගන්න. කිසිප්පු බිලා ගන්ජා ගහලා ඔවට එන්නෙ. එක්කො වෙදිකාවට ගල් ගහනවා. ලංකාවේ සංගිත ය විදින්නෙ නෑ. බස් එකට නෑන්ගත් තුට්ටු 2කෙ සින්දු දන්නෙ කිසිම රසයක් නෑ. ලන්වෙ සස්තරතාවේ 92 % උනට බුද්දිමත් බවයක් නෑ. සන්ගිත සන්දර්ශන වලට නොය ඉන්න එක තමයි ඈගට ගුන
සරලව කියනවා නම් ලංකාවේ විවෘත සංගීතවලට යන්නේ, කුඩු කාරයෝ, ගංජාකාරයෝ, ත්‍රීවීල් කාරයෝ සහ ගණිකාවෝ...
පන්සල් හැමතැන, රටේ මිනිස්සු තිරිසන්නු වගේ...
සම්පූර්ණ ඇත්ත... ලංකාවේ බහුතරයකගේ (හැමෝගෙම නොවේ) විනය අවුල් මේකේ වරද අපේ අධ්‍යාපන ක්‍රමය, හැමෝම 0/L කළත් ඉන් විශාල කොටසක් A/L කළත් අධ්‍යාපනයේ අන්තිමට විශාල තරුණ පිරිසක් අතරමන් වෙනවා.. මොවුන් තුළ ඇතිවන මානසික ආතතිය, කලකිරීම, අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවය, පිට වෙන්නේ මේ වගේ, රටක අධ්‍යාපන ක්‍රමය අවසානයේ බිහි කරන්න ඕනේ විෂය දන්නා නවීන තාක්ෂණයට වැඩ කරන්න පුළුවන් වඩු කාර්මිකයින්, විදුලි කාර්මිකයින්, රජයේ සේවකයින්, දොස්තරලා වැනි හැම ක්ෂේත්‍රයකම ආවරණය වන පරිදි, ලංකාවට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකත් මේක, ඉස්කෝලවලට බස්, ලැප්ටොප් දුන්නා කියලා, මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ලංකාවේ ක්‍රිකට් ටීම් එකටත් පිටරටින් පුහුණුකරුවෝ ගේනවා. ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරගන්න මෙහෙ ඉන්න බලධාරීන්ට බැරිනම්, මේවා හොඳට කෙරෙන දියුණු රටකින් පළපුරුදු කණ්ඩායමක් ගෙනත් අපි සැලසුමක් හදාගන්න ඕනේ..., නැතිනම් රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ..!
මියුසිකල් ශෝ කියන්නේ යන්තම් හරි සිහි බුද්ධියක් තියෙන මිනිස්සු යන්න සුදුසු තැනක් නොවේ. ඕවාට යන්නේ කිසිම හැදියාවක්, පිළිවෙලක් නැති, රස්තියාදුකාර, වල් වැදිච්චි මානසිකත්වයක් තියෙන මිනිස්සු...!
ලංකාවේ මිනිස්සු ලෝකයෙම මානසික රෝග සාපෙක්ෂව වැඩි, වැඩිම මානසික පීඩනයකින් ඉන්නේ, හේතුව හරියටම පැහැදිලි නෑ මොකද පලස්තීනය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් වලට වඩා වැඩිවීමට හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ ජාන වල ප්‍රශ්නයක් දෝ කියලත් හිතෙනවා. මොකද තාමත් ලංකාවේ දිවිනසා ගැනීම අඩු කරන්න බැරි වුනා. අවුරුදු 10-12 අයත් දිවිනසාගන්නවා ළමයි පොඩිකාලේ ඉදන්ම අධ්‍යාපන පීඩනය. අවුරුදු 6-7 වුන ගමන් ශිෂ්‍යත්ව ටියුෂන් එදා ඉදලා කැම්පස් යනකම් පීඩනය, ඊට පස්සේ රැකියාවේ පීඩනය (ලංකාවේ ආයතන වල තත්වය දන්නවා නේ, මටත් ලංකාවේ එපා වුනේ රැකියාවෙන්) මෙකට මුලින්ම දෙමාපියන් තමයි වගකියන්න ඕනේ ඊට පස්සෙ ගුරුවරු, පාසල්, ආගමික ස්ථානය, සෞඛ්‍ය වගෙම රජයත්. මොකද ලංකාවේ ලෝක සතුටු දර්ශනයේ දකුණු ආසියාවේ පහළම ඉන්නේ
මේක මකල හදන්න ඕන ලන්තයක්.මේකෙ පැලපදියන් වුන වැරදි අදහස් ,සිතුවිලි .ආකල්ප මේවා ලෙහෙසියෙන් පහසුවෙන් වෙනස් කරන්න බෑ
අපේ රටේ තිබුණු වටිනා සංස්කෘතිය විනාශ කරපු තවත් එක කණ්ඩායමක් තමයි ඔය සංගීත කණ්ඩායම් . කොන්ද වවාගෙන අතනයි මෙතැනයි හැම තැනම පච්ච ගහගෙන ජෝකර්ලා වගේ ඇඳුම් ඇඳගෙන තමයි ස්ටේජ් නගින්නේ . ගම වල ඉන්න නුගත් තරුණ තරුණියන්ට මුන් රෝල් මොඩ්ල් උනා . මේ වගේ සංගීත වලට එන මෝඩ චන්ඩි සංගීතය රසවිඳීම වෙනුවට ගැනුන්ගේ පස්ස මිරිකනවා , ගුටි කෙලගන්නවා , ත්හමන් හරි පොරක් බව පෙන්වන්න මෝඩ රැඟුම් රඟපානවා . අපේ සමාජය යේ කුනුවුණු තවත් එක පැතිකඩක් තමයි මේ.
ලංකාවෙ මියුසිකල් ශෝ සංස්කෘතිය දැන් අවුරුදු දගණනාවක ඉඳන් ගන්න දෙයක් නෑ. මියුසිකල් ශෝ කියන්නේ තනිකරම විෂමාචාර ක්‍රියාවලින් පිරිච්ච, පහත් පෙළේ මනුෂ්‍ය හැසිරීම්වලට තෝතැන්නක්. වැදගත්කමක්, හොඳ හැසිරීමක් තියෙන ගෑනියෙක් පිරිමියෙක් යන්න සුදුසුම නැති තැනක්.
යකෝ ගැණිගේ බෙල්ල කන්න තිබුණේ. මේ අහිංසකයා දන්නවාද මේ ගැණු කෙනා බැදපු කෙනෙක්ද කෙල්ලෙක්ද කියලා ඒ වෙලාවේ කෙනා එක්ක නැටුවා කෙරුවා විතරයි
මැරෙන්න තියනවානම් කොතන හිටියත් මැරෙනවා .ඔය දියුණුයි කියන රට වල සල්ලි වලට පෙනෙන්න සංගීත සංදර්ශන වලත් තුවක්කු කරුවන්ගේ වෙඩි ප්‍රහාර වලින් කීයක් නම්රෙ මැරෙනවාද ?