(රංජන් කස්තුරි)
එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.
එතනෝල් නිෂ්පාදනය සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 50කට අධික ප්‍රමාණයක් යොදා ගන්නා හෙයින් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඉතා හිඟව තිබෙන බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු අවශ්‍යතාවය වසරකට මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක් වන නමුත් මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික්ටොන් තුනකට වඩා අඩු ප්‍රමාණයක් බවද ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීමට සිදුව ඇතැයිද අල්ලස් මහතා සඳහන් කළේය.
මෙරට ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට නම් එම කර්මාන්තවලට අවශ්‍ය තරම් බඩඉරිගු ලබාදීමට වැඩපිළිවෙළක් රජය සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු එම සමාගම් වලට ආනයනය කිරීමටදීම හෝ වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළහොත් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් ලබාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
කුකුළු කර්මාන්තය නඟා සිටුවීමට නම් අවශ්‍ය තරම් බඩ ඉරිඟු තොග ලබාදීමට හෝ ආනයනය කිරීමේ වැඩපිළිවෙලක් නව රජය සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
බඩ ඉරිගු නොමැතිකම කුකුළු මස් කර්මාන්තයට මරු පහරක් එල්ල කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
බලධා රීන් වහා මැදිහත් වී මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් සකසා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.
වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ
රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.
මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේද
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට
Gamini Thursday, 14 November 2024 02:41 PM
පුදන කොටම කාපි යකා. තව ටිකක් ඉවසලා හිටපල්ලකෝ හොඳේ...
බොන පියා Thursday, 14 November 2024 05:17 PM
ඇඩෝව්...!
l.p hiripitiya Thursday, 14 November 2024 05:28 PM
දැන් කුකුළන්ටත් ලෙඩලු නේද?