IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ ඇතුළු සිව්දෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළ මහෙස්ත්‍රත්වරිය මෙම අපරාධයට අදාළ ලිපි ලේඛණ සොයා ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සළසා දීමටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට වැඩිදුරටත් නියම කළාය.

මෙම අපරාධයට වගකිවයුතු ප්‍රධානතම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන්ද ඉදිරි දිනය වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් පරපීඩක ආශාවන් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවක් අධිකරණයට නොපෙනෙන්නේ යැයිද සැකකරුවන් හුදු නොසැළකිලිමත් කමට වඩා අපරාධමය චේතනාවකින් යුතුව කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇතැයිද ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරමින් සඳහන් කළාය.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්” ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්ම මහත්මීන්ය.

මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමුත්තා මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසුවේ.

 

 



අදහස් (8)

බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්

mdd Monday, 20 November 2023 09:54 PM

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 'SMART COUNTRY' සංකල්පය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් උප්පැන්න සහතිකයක් ඉල්ලන ලේ වැගිරෙන විහිළුවකි. ඔබේ නම පද්ධතිය තුළ නොමැති බව ඔවුන් පවසනු ඇත. ඔබට මෙය සත්‍යාපනය කිරීමට අවශ්‍ය නම් බෙන්තොට, මතුගම හෝ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතා NIC 591791664 දරන හිමියාගේ උප්පැන්න සහතිකය ගැන විමසන්න. මෙම මූලික පහසුකම් අප්‍රිකාවේ දුප්පත්ම රටවලට පවා තිබේ. සෝමාලියාව, උදාහරණයක් ලෙස. කෘත්‍රිම බුද්ධියේ නාමයෙන් රනිල් තවත් දැවැන්ත මංකොල්ලයක් සැලසුම් කරයි. තත්වයන්.

:       2       2

MDD Monday, 20 November 2023 10:36 PM

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 'SMART COUNTRY' සංකල්පය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් උප්පැන්න සහතිකයක් ඉල්ලන ලේ වැගිරෙන විහිළුවකි. ඔබේ නම පද්ධතිය තුළ නොමැති බව ඔවුන් පවසනු ඇත. ඔබට මෙය සත්‍යාපනය කිරීමට අවශ්‍ය නම් බෙන්තොට, මතුගම හෝ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතා NIC 591791664 දරන හිමියාගේ උප්පැන්න සහතිකය ගැන විමසන්න. මෙම මූලික පහසුකම් අප්‍රිකාවේ දුප්පත්ම රටවලට පවා තිබේ. සෝමාලියාව, උදාහරණයක් ලෙස. කෘත්‍රිම බුද්ධියේ නාමයෙන් රනිල් තවත් දැවැන්ත මංකොල්ලයක් සැලසුම් කරයි. තත්වයන්.

:       2       2

Perera Monday, 20 November 2023 11:46 PM

මුන්ගෙන් එකෙක් ඇප අපිට රටින් පනලද කොහෙද.මහ එකා පොලිස් ගාඩ් එක්ක හැමතැනම යනවා

:       0       2

Rata Perata Monday, 20 November 2023 11:59 PM

බාල බෙහෙත් කියලා දෙයක් නෑ කිව්වා හිටපු ඇමතිට මොකද කරන්නේ ?නීතියෙන් කිසිදෙයක් වෙන්නේ නැත්නම් නුවර පැත්තේ මිනිස්සු එකතු වෙලා පාඩමක් උගන්නන්න

:       1       5

Asela Tuesday, 21 November 2023 05:03 AM

මේකට අදාල මහා හොරා අල්ලන්නේ කවදාද?

:       0       6

wije Tuesday, 21 November 2023 08:45 AM

තොරු මොරු හොරු ටික සියල්ල කුදලගන්න ,දඩුවම් කරන්න ගරු මහෙස්ත්‍රත් තුමියට අපේ ප්‍රනාමය

:       0       7

wedage Tuesday, 21 November 2023 09:50 AM

එතකොට අර කෙහෙලිය ඇමති මොකුත්ම දන්නෙ නැද්ද ? එයාට මොකද කරන්නෙ

:       0       14

අරවින්ද මොනරවිල Tuesday, 21 November 2023 11:46 AM

එයා බබා මුකුත්ම දන්නේ නැහැ, අපිට තියෙන්නෙ මොන පැත්තෙන් ඉල්ලුවත් ඊළග පාර වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවන්න විතරයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 152 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 227 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1089 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site