IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බාගෙන හැදූ කොච්චිපාර විවෘත කරන්න මැකෝ ඉඩ නොදෙයි

(බී.ජී. චතුරංග, යොහාන් භාසුර, දයාරත්න ඇඹෝගම,  රොෂාන් රණසිංහ සහ  සංජීවනී ආරියරත්න)

ඉන්දීය ණය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන්වීමට පෙර විවෘත කිරීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් කෙරුණු පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිසමේ නියෝගයෙන් එම උත්සවය නතර කෙරිණි.

දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර විවෘත කිරීමට පෙර පෙරේදා (11) විශේෂ දුම්රියක් එහි ධාවනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවැසීය.

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය සම්පූර්ණයෙන්ම ගලවා නවීකරණ කටයුතු ඉකුත් ජනවාරි මාසයේ ආරම්භ කළේය.

සංඥා පද්ධතිය, සංඥා ගේට්ටු සහ වන අලින්ට මාරුවීම සඳහා ගල්ගමුව, අඹන්පොළ, ගැටදිවුල ප්‍රදේශයේ අලි කොරිඩෝවේ කටයුත්ත ද තවමත් අවසන් කර නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය ස්ථාන හතෙන් හයක නවීකරණ කටයුතු තවමත් සිදුවන බවද දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.

අනුරාධපුර සිට මහව දක්වා මුළු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු කොටස් වශයෙන් එකම දිනකදී ආරම්භ කළත් තඹුත්තේගම හැර අනෙකුත් දුම්රිය ස්ථානවල ද වැඩ කටයුතු තවමත් නිම කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් විගණනයක් කළ යුතු බව ද සෝමරත්න මහතා පැවැසීය.

එසේ අඩුපාඩුකම් රැසක් තිබියදී දේශපාලන වුවමනාව මත දුම්රිය ධාවන කටයුතු ඊයේ (12) ආරම්භ කිරීමටත් අනුරාධපුරයේදී උත්සවයක් පැවැත්වීමටත් වන අලි උමං මාර්ගය අසල බැසීමට තාවකාලික වේදිකාවක් සැකසීමටත් සැලසුම් කර තිබූ බව දුම්රිය සේවකයෝ පැවැසූහ.

නවීකරණ කරමින් පවතින මාර්ගය දේශපාලන වුවමනාව මත හදිසියේ ඊයේ (12) විවෘත කිරීමට සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කෙරෙණු දැනුම් දීමක් අනුව දුම්රිය ධාවන කටයුතු නවතා දමා ව්‍යාපෘතිය නාමිකව පමණක් අමාත්‍යාංශයේ දී ඊයේ (12) විවෘත කෙරුණු බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේය.

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය ඊයේ (12) විවෘත කිරීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් කර නොතිබූ බවයි.

මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම කටයුතු පමා වී ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.

ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ජුනි මාසයේ පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට කටයුතු යොදා තිබුණ ද තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සැලසුම් කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවැසුවේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා වන හෙයින් එම උත්සවය පැවැත්වීම නතර කිරීමට නියෝග කළ බවයි.

එම උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ආරාධිත අමුත්තන් සමග යෑමට සැලසුම් කළ දුම්රිය ගමනක්ද නතර කිරීමට පියවර ගත් බව ඔහු කීවේය.

 



අදහස් (0)

බාගෙන හැදූ කොච්චිපාර විවෘත කරන්න මැකෝ ඉඩ නොදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site