( සුරංග රාජනායක)
ගම්පොළ දොළුව විහාරස්ථානයක් ඉදිරිපිටදී සිදු වු රිය අනතුරින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ගම්පොල පොලීසිය කියයි.
මෝටර් රියක් මාර්ගයේ ගමන් කළ කිහිපදෙනකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි කියයි. අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රිය ධාවන කර ඇත්තේ රියදුරු පුහුණු ලබමින් සිටි කාන්තාවක් බවද පොලීසිය පවසයි.
මෝටර් රිය ලොරියකට ඉස්සර කිරිමට යාමේදී බ්‍රෙික් පැටලය යැයි සිතා ඇක්සලේටරය පැගීමෙන් අධික වේගයෙන් ධාවන වූ මෝටර් රිය විහාරස්ථානයට ගොස් ආපසු නිවෙස්බලා යමින් සිටි පිිරිසක් මෙලෙස යටකරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
බ්‍රෙික් පැටලය මාරු වී තුනක් මරු තුරුලට
saman Monday, 06 October 2025 05:10 PM
පුහුණුව ලබමින් සිටිනා කිසිවකුට driving instructor නොමැතිව තනිවම වාහනය පැදවීම කල නොහැකියි.
ජිල්බු Monday, 06 October 2025 05:36 PM
කොහොමත් දැන් ඒ ලර්නස් එක වහන්න වෙනවා. නැත්නම් නම මාරුකරන්න වෙනවා. මාරක ලර්නස් වගේ එකක් හොඳයි.
කෞෂිMonday, 06 October 2025 06:18 PM
saman, ඒ උනාට ඔය අපූරුවට පැදලා තියෙන්නේ..!
කව්ද බෝයි Monday, 06 October 2025 05:32 PM
රිය පුහුණු පාසලකින් නැතිව රියදුරු පුහුණුව තහනම් කරන්න. එසේම රිය පුහුණු පාසල් නිසි ක්‍රමවේදයකට වාර්ෂිකව නියාමනයකට ලක් කරන්න. එතකොටවත් යම් පමණකට පාලනය වේවි.
අකිල Monday, 06 October 2025 05:54 PM
ඔච්චර ලොකුවට තිබිලත් ඔය ස්ත්‍රී පරාණ වලට කවදාවත් ගියර් එක වෙනුවට බ්රේක් පැඩලය මාරුවෙලා නැහැ නේද?
ravin Monday, 06 October 2025 06:18 PM
පුහුණු උපදේශක හා පුහුණුකරු යන දෙදෙනාම මිනීමැරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම වඩාත් උචිත වේ.
බන්ඩා Monday, 06 October 2025 06:35 PM
බෙහෝවිට මෙයා පුහුණු වෙන කෙනෙක් නෙමෙයි L බෝඩ් එක ගහගෙන ගියාට, හුඟක් ලඟකදී ලයිසන් ගත්තු කාන්තා රියදුරන් L බෝඩ් ගහගෙන පාරේ යනවා... පාරේ යන අනිත් රියැදුරන්ගෙන් අනුකම්පාව ගන්න.
Wilprad Monday, 06 October 2025 07:05 PM
හරියාකාරව පුහුණුවක් නැතුව වෙනත් වාහනයකට ඉස්සර කරන්න යාම භයානක බව පෙන්වා තියෙනවා. මෙහිදී සුලබම දෙයක් කියන්න ඕනෑ... මොකක්ද කිව්වොත් එහෙම වාහනයක් ඉස්සර කරන්න හදන වෙලාවේ (මෙතැනදී ලොරිය) අනෙත් වාහනයේත් වේගය වැඩිකරන තත්වයක් (විශේෂයෙන් ලොරි) තියෙනවාමයි. මෙහිදී ඒකත් වෙන්න ඇති...
pakeer Monday, 06 October 2025 07:06 PM
ගෑණුන්ගේ ෂෝ... දැන් ඉතින් කාපන්කෝ රිමාන්ඩ් එකේ ආප්ප.
ජයසින්හ ගුනවර්දන Monday, 06 October 2025 07:47 PM
මම උදේ හවස මේ පාරේ යනවා. නිවාඩු දවස්වලට මේ පාර වාහන පුරුදුවෙන නෝනලාගෙන් පිරිලා. යතුරුපැදි යන්නේ හෙල්මට් නැතිව....
ආචාර්ය බන්ධුල ජයමාන්න Monday, 06 October 2025 07:57 PM
පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා යන මාර්ගයෙහි දිනපතා උදේ හවස රියදුරු පුහුණුව ඉතාමත් අවධානම් ආකාරයෙන් සිදුවෙනවා. හෙමින් මාර්ගය හරස් කරගෙන යන පුහුණුවෙන වාහන නිසා සිසුසිසුවියන්ටත් මහජනතාවටත් පුදුම හිරිහැරයක්. කිසිම බලධාරියෙක් මේ ගැන සොයා බලන්නේ නැහැ. කරුණාකර බලධාරීන්ගේ අවධානයට යොමු වේවා...
chinthanaTuesday, 07 October 2025 09:24 AM
පුහුනු වන වාහන කොහොමත් අනෙක් වාහන වලට කරදරයක් තමයි. ඒත් රියදුරු පුහුනුව ලබන්න ඕන වාහන යන පාරවල් වල.වාහන නැති පාරවල් වල විතරක් පුහුනු වුණොත් රථවාහන මැදේ පදවන්න බැහැ.
අරවින්ද මොණරවිල Monday, 06 October 2025 08:05 PM
එල් බෝඩ් එකත් ගහගෙන ලොරියක් ඉස්සර කරන්න තරම් මෙයාට මාර තදියමක්නේ තිබිලා තියෙන්නේ, දැන් හරිද දන්නේ නැහැ ඒ අමාරුව, පවු අවිහිංසක ජීවිත තුනක් නිරපරාදේ නැති වුණා...
Asela Monday, 06 October 2025 08:23 PM
සතියක් ඇතුළත හැමෝම මේක අමතක කරනවා. ගෑණු කෙනාට සතියක් ඇතුළත ඇප ලැබෙනවා. ඩ්‍රයිවිං ලර්නර්ස් ව්‍යාපාරය කරගෙන යන පුද්ගලයා වෙනත් නමකින් කොහේ හරි මතුවෙන්න පුළුවන්. පොලිසිය තවත් නඩුවක් පස්සේ යයි. තුන්වෙනි ලෝක රටක දේවල් මෙහෙමයි වෙන්නේ.
Fostinus PereraMonday, 06 October 2025 10:30 PM
රියදුරු පුහුණුවක් නෙමෙයි,තමුන්ගේ කුඩා දරුවන් සහ මහත්තයත් කාර් එකේ ඉඳලා.ගැබිනි කාන්තාවක් ඇය.(හස්බන්ඩ් බීලා හිටිය නිසා නෝනාට එලවන්න දුන්නා කියලත් වටේ හිටිය කට්ටිය කියනවා. එය ඇත්තක්ද බොරුවක් ද නම් නොදනිමි...)
තංගල්ලේ මෙත්-මල්Tuesday, 07 October 2025 02:47 AM
අපිට නම් කියලා තිබුණේ මේක ආසියාවේම ආශ්චර්ය කියලා.
Nimal Monday, 06 October 2025 08:50 PM
නිවන් සැප ලැබේවා...
don Monday, 06 October 2025 09:06 PM
මේකෙ විස්තරේ හරිම අපැහැදිලියි. රිය පුහුණුව ලබපුවාම නේද ලේසියෙන් ඒක දෙන්නේ....? ඒ කියන්නේ මෙයාලා ලයිසන් නැතුවද වාහනේ පැදලා තියෙන්නේ? හරියට පැහැදිලිව කියන්න. ලයිසන් අරන් නම් රිය පුහුණුවක් වෙන්න කිසිම හේතුවක් නැහැනේ...
fernando Tuesday, 07 October 2025 02:10 AM
ලංකාවට එන්න ඉන්න සංචාරකයෝ ඵයිද මේවා දැකලා... සල්ලි වියදම් කරලා මැරෙන්න කැමැති කව්ද?
ගුණරත්න Tuesday, 07 October 2025 10:43 AM
පාරේ යනකොට පදිකයන්ගේත් වගකීමක් තිබෙනවා, මම දැකල තිබෙනවා රංචුවක් වගේ පාරත් බ්ලොක් කරගෙන යන විදිය. එහෙම යන්න හොඳ නැහැ, ට්වාහන පෙනෙන විදියට දකුණෙන් යන්න ඕන. එක ගොඩේ රංචුවක් විදියට කතා කර කර යන්න හොඳ නැහැ. ලංකාවේ පාරවල් අසම්පූර්ණයි, පදික වේදිකා බයිසිකල් මංතීරු මොකවත් නැහැ. රියදුරන්ගේත් ලොකු වගකීමක් තිබෙනවා පදිකයන්ට බයිසිකල් පදවන්නන්ට විශේෂ අවධානයක් දෙන්න.
පිටිගල මිලානෝ Tuesday, 07 October 2025 12:10 PM
කාට කියන්නද…..
පිටරැටියා Tuesday, 07 October 2025 12:27 PM
හරිම කණගාටුදායකයි ..අනතුරින් ජීවිත අහිමිවූ අයට නිවන්සුව පතමි. තුවාල ලැබු අයට ඉක්මන් සුවය ලැබේවා .