IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දෙන් මුසම්මිල් දියණියට ජය

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ හිටපු  නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාය.

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ටැටන්නෝ පළාතේ මිල්ටන් කේන්ස් කවුන්සියලය සඳහා ඉදිරිපත් වූ ශස්නා මුසම්මිල් මහත්මිය එහි ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.

කන්සර්වේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ පසුබෑමකට ලක්ව තිබියදීත් ආසනයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශස්නා මුසම්මිල් මහත්මිය තේරී පත් විය.

ශස්නා මහත්මිය කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් වන අතර බ්‍රිතාන්‍ය විවෘත විශ්ව විද්‍යාලයේ සංවර්ධන කළමනාකරණය පිළිබඳ පශ්චාත් විද්‍යාවේදී උපාධිධාරිනියකි.ශස්නා මුසම්මිල් මහත්මිය සමාජ සේවිකාවක් වෙයි.

මෙම මැතිවරණය  මැයි 5 වැනිදා පැවත්විණි.

 



අදහස් (10)

බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දෙන් මුසම්මිල් දියණියට ජය

fairoos Wednesday, 18 May 2022 02:41 PM

දේශපාලකයින්ගේ දූදරුවන් පිටරට... අපිට තමයි ඉතින් ඉන්න රටක්වත් නැත්තේ...!

:       11       83

BamunuarachchiThursday, 19 May 2022 09:11 AM

ඉතින් යනවකෝ මේක අත්හැරලා. ඒවගේ සේවයක්වත් රටට කරනවා. රටකට යන්න සුදුසු කමක් තිබෙන්න ඕනේ. හැම රටේම ගම්මිරිස් නැහැ එකතු කරන්න යන්න.

:       4       8

Bandara Wednesday, 18 May 2022 03:26 PM

එහෙත් කන්න වගේ හදන්නේ...!

:       16       53

SWISS Wednesday, 18 May 2022 04:00 PM

දෙමළ අයගේ තාත්තලා යුද්ධයෙන් පැරැදිලා සුද්දගේ රටට ආවා ' තියාගනින් සිංහලයා නුඹේ රට ' කියලා...!!! ඇවිත් පුදුම කට්ටක් කෑවා.. ළමයින්ට හරි ඉගෙනුම දෙන්න. අද බොහෝ දෙමළ අයගේ ළමයි විශ්ව විද්‍යාලවල උගත්තු.. ඒ වගේම ව්‍යාපාරිකයන්.. ලොව ඕනෑම රටකට මුදල් යවන නමගිය සමාගමත් අයිති දෙමළ කෙනෙක්ට.. ඒ වගේම ප්‍රසිද්ධ මොබයිල් ආයතනයක අයිතිකරු දෙමළ කෙනෙක්.. මෑතකදී බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා පවා මුණගැසුනු කෙනෙක්..! සිංහලයාගේ රට ඔය තත්වයට පත්කර ගත්තේ "සිංහලයාමයි"... හරිම උදාසීන ජාතියක්... දෙනකම් බලාගෙන ඉන්නවා බඩ පුරවා ගන්න...!

:       6       140

Kanthi Wednesday, 18 May 2022 06:00 PM

සන්තෝසයි.. සුබපැතුම්...!

:       5       32

wimal Wednesday, 18 May 2022 09:44 PM

හ,,හා,,, හරිම අපුරුයි,,,,තාතතත් අරගෙන ගිහින් දැම්මනම් තමා හොද, සුද්දත් ඔන්න කෙලවගන්න හදන්නෙ,

:       0       0

LGPJ Wednesday, 18 May 2022 11:57 PM

ශ්‍රී ලාංකීය දියණියට මගේ හදපිරි සුභ පැතුම් !!!!!!

:       0       7

Lanka Thursday, 19 May 2022 08:43 AM

SWISS කියපු දේ හරි.සිංහල ජාතිය හරිම කම්මැලි ජාතියක් .රට කරන පොඩි තැනේ ඉඳන් මහා එකා ලඟට එනකම් හොරකම .ඊට පස්සේ ලෝකේ වටේ යනවා.හිඟා කන්න.පේනවනේ අරගලය .කෑම බීම ඕන තරම් .වැඩක් කරන්න හිතන්නේ නෑ .රටවල් දියුණු වෙයිද?

:       1       13

Dr. Egerton Senanayake Friday, 20 May 2022 05:08 PM

උණුසුම් සුබපැතුම්...! ඔබේ සාර්ථකත්වය ගැන අපි සියලු දෙනාම ආඩම්බර වෙනවා. විශිෂ්ඨයි..! තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වේවා..! අල්ලා දෙවියන්ගේ පිහිටයි..!

:       0       3

H. G. K. J. Chandra Kumara Saturday, 21 May 2022 01:21 PM

අපේ සුබපැතුම්..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site