
තල්මසකුට හිරිහැර කළේ යැයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බන්ධයෙන් බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා, පසුගිය ජූනි මාසයේ, බ්‍රසීලයේ ගිණිකොණදිග වෙරළ තීරයේ සාඕ සෙබෙස්තියෝ නගරයේ නිවාඩුවකට ගොස්, මුහුදේ විනෝද වෙමින්, ජල ක්‍රීඩා කරමින් කරමින් සිටිද්දී, ඔහු මෙම තල්මසාට හිරිහැර කළේ යැයි ‘ද ගාඩියන්’ පුවත්පත පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපතිවරයා මුහුදේ විනෝද වෙමින් සිට ඇත්තේ ජෙට්ස්කී Jet Ski යාත්‍රාවක් පදිමිනි.
ඔහු විනෝදවෙමින් සිටි තැනට මීටර් 15 ක් පමණ දුරින් මොල්ලි තල්මසකු පිහිනමින් සිට අතර, හිටපු ජනාධිපතිවරයා මෙම තල්මසා අසලට ජෙට්ස්කී යාත්‍රාව Jet Ski පදවා ඇත්තේ එය තල්මසාගේ සිරුරේ ගැටීමට ද සලස්වමිනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති බොල්සරානෝට එරෙහිව, පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිද්ධිය දුටු පිරිස් සහ පරිසරවේදීන් කණ්ඩායමකි. සිද්ධිය අදාල වීඩියෝ දසුන් ද ඔවුන් පොලිසියට ලබා දී ඇතැයි පැවැසෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බොල්සරානෝ පවසා ඇත්තේ එම වීඩියෝ දසුන්වල සිටින පුද්ගලයා තමා නොවන බවය.
COMMENTS
Reply To:
-
නමුත් රටක් ආර්ථික ප්‍රපාතයකට ඇද දමලා සිය දහස් ජනතාවක් මැරෙන්න ඇරපු අයියා මලෝ තුන් දෙනෙකුටයි කිසිම දඬුවමක් නෑ. ඒ අපේ ඉල්ලන් කන සියල් සිරින් සපිරි සිරිලංකාවේ...!