
(යොහාන් භාසුර)
කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා අද (20) පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා කෙරවලපිටිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් එසේ පැවසීය.
බහලුම් තදබදය ගැටළුට පැලැස්තර නොදමා, මධ්‍ය කාලීන විසඳුමකට යන්න අපි තීරණය කළ බවත් අදාළ පිරිස් වෙතින් සහායක් නොලැබෙනවා නම්, ඇත්ත තත්තවය ජනතාවට හෙළි කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීය.
රජයක් හැටියට ඉතාම සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරමින් ජනතාවට ප්‍රතිලාභ දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරමින් සිටියදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පරණ පව් වරාය සහ රේගුවේ කකුල් ගැටගහලා එල්ලලා තිබෙන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙර සිටි පාලකයන් මෙම ගැටලුවලට විසදුම් දී නොමැති බව ද සඳහන් කළේය.

COMMENTS
අදාළ පිරිසගේ සහාය ලැබුණත් නොලැබුණත් කෙෘළය වසා සෙල්ලම් කිරීමක් සිදු නොවිය යුතුය... භෞතික වශයෙන් විශාල වෙමින් පවතින වරායට සම්බන්ධ වර්තමාන ප්‍රශ්ණවලට පැරණි රජයන් නොව 69 ලක්ෂයේ රජයේ මහාචාර්ය නඩයම විසදුම් සොයා ගතයුතුමය....
මීට පෙර ආන්ඩු කරලා නෑ. දැන් අපිට තමයි වැඩ පටන් ගන්න වෙලා තියෙන්නේ.