
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු කාර්යාලයේදී අද (7) බාර දෙනු ලැබීය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක යන මහත්වරු සහභාගි වූහ.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම බාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්ද එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් භාවිත කර තිබිය හැකි බවට පාර්ලිමේන්තුවේදී මෙන්ම වගකිවයුතු බලධාරීන් බරපතළ චෝදනා එල්ල කර ඇති බැවින්ද මේ සිද්ධිය ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වන බැවින්ද මේ සම්බන්ධයෙන් කරැණු සොයා බලා වාර්තා කිරීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි යනුවෙන් එම යෝජනාවේ සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසුවේ මෙම බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා හැරෙන්නට රජය තවමත් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කර නැති බවයි.
එසේ හෙයින් එම වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසටද එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බහාලුම් අවුල හොයන්න විශේෂ කාරක සභාවක්
මහේන් Tuesday, 07 October 2025 06:10 PM
වැඩේ හොඳයි. ඔය උනන්දුවම තිබුණා නම් තාජුඩීන්, ලසන්ත, මහ බැංකු හොරකම ගැන... අපි අද දියුණු රටක්.
සෙනෙවිරත්න Wednesday, 08 October 2025 11:33 AM
දැන් ජනාධිපතිකමයි පාර්ලිමේන්තු බලයයි තියෙන වෙලේ ඕවා හොයන්න කයිතන්ලාව උනන්දු කරන්න ඩෝබියෝ....
අරුණිWednesday, 08 October 2025 12:02 PM
මහේන් ඔයා හිතනවාටත් වඩා දියුණු වෙන්න තිබුණා... විජය, සාගරිකා ඇතුලු දහස් ගනන් අහිංසක ගම්වාසින්ගේ ඝාතන සහ යුද්ධය නිමාවීමෙන් පසු ඉදිරියට ගමන්කරමින් තිබූ රට ගල් පැලෙන බොරු කියා ආන්ඩු පෙරලූ අය සහ 1988/89දී සහ 2022දී රජයේ දේපල විනාශ කළ පුද්ගලයින් ගැනත් පරීක්ශණ කළා නම්...
මාලිමා ගැත්තා Tuesday, 07 October 2025 07:46 PM
ඒක තමයි මාලිමාවේ පළමු ගේම. තව ඒවා අහු වෙයි පසුවට...
අරවින්ද මොණරවිල Tuesday, 07 October 2025 07:49 PM
දියේ යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවට කියනවා, ඒවගේ තමයි මේ අබල දුබල විපක්ෂ, කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා කන්ටේනර් පෙට්ටියක එල්ලෙන්න හදනවා. ඔන්න අපි නොකිව්වා කියන්න නම් එපා ඔයා ගාව රැළ කන්ටේනර් පෙට්ටියටම යට වෙලා නැති වෙලා යනවා.