
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා:- (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ත්‍රිරෝද රථ සහ බස් රථ අමතර උපාංග සම්බන්ධ නීතිය කඩිමුඩියේ ජාතික ජන බලවේග රජය විසින් ගෙනා එකක් නෙවේ යැයි කී මන්ත්‍රීවරයා මෙහි සිදු වී ඇත්තේ අලුත් ආණ්ඩුව පැමිණි විට පොලිසියත් සද්භාවයෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට යාම බව සඳහන් කළේය.
බස් සහ ත්‍රීරෝද රථවල අමතර උපාංග සම්බන්ධයෙන් නඩු නොපවරණ ලෙසත් බස් සහ ත්‍රීරෝද රථ හිමියන්ට නීතිමය වැඩපිළිවෙලට අනුගත වීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම වැඩේම පස්සට දානවා. පාතාලයටත් වැරැදි හදාගන්න කල් දෙනවාද මේ විදිහටම..?
බස්වල තියෙන ආම්පන්න ගලවලා හරියට හදාගන්ඩ කාලයක් යනවා.පාතාලය සහ බස්වල තියෙන වෙනසවත් නොදන්න උන්?
මේක මහාම මහා පතෝල ආණ්ඩුවක්... මෙලෝ වැඩක් කරගන්න කොන්ද පණ නෑ...
සහන කාලය හරියටම කිව්වා නම් තමයි හොඳ...
බස් අයිති අයට බස් එළවන අයට ඕන විදියට මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන එකම රටේ මේ සිරි ලංකාවේ වෙන්නැති. මගී ප්‍රවාහන බලපත්‍ර එක් එක් පුද්ගලයන්ට දෙනවා වුණත් කම්පැනි කිහිපයකට මේවා දීලා පොදු නියාමනයක් කරන්න කාටවත් හිතන්නේ නැත්තේ ඇයි... මේ රටේ මනුස්සයා වගේ ජීවත් වෙන්න හිතන අයට වෙලා තියෙන්නේ වෙන රටක් හොයාගන්න එක තමයි දැන්නම්
පුද්ගලික බස් ගැන කවර කතාද ? මාර්ග නීති පිළිපදිනවද , ඉතුරු සල්ලි ලබා දෙනවද, මගියාට කතා කරන්නවත් නොදන්නා නුගත් රියදුරු, කොන්දොස්තරවරු , විලාප කියන සංගීත , තොරොම්බල් ගලවන්ට කලින් මේ සේරම නියාමනය කළ යුතුයි ,නැතිනම් එක බස් සමාගමකට මේ සේරම බාර දෙන්න ලංගම බස් රථ වැඩි වශයෙන් යොදවන්න
සහන කාලය ලෙස සුමාන දෙකක් දුන්න නං හොදටම ඇති.