IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බස් ගාස්තුව සියයට 0.55 කින් අඩු වෙයි

(යොහාන් භාසුර)

බස් ගාස්තු මෙම මස 4 වැනිදා සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් අද (1) පස්වරුවේ පැවසීය.

සමස්ත ගාස්තුව අඩු වුවද අවම බස් ගාස්තුව සංශෝධනයක් නොවන අතර එය තව දුරටත් රුපියල් 27 ක පවතින බව ද එම කොමිෂම කීය. මෙම වසරේ (2025) වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් බස් ගාස්තුව සියයට 2.5කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැළපීමෙන් පසුව නව බස් ගාස්තු සංශෝධනය සියයට 0.55කින් අඩු කිරීමක් බවට පත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මෙම මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බව ද එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

බස් ගාස්තුව සියයට 0.55 කින් අඩු වෙයි

Viraj ekanayake Tuesday, 01 July 2025 09:54 PM

නොදෝමකින්

:       0       4

ගුණරත්න Wednesday, 02 July 2025 08:21 AM

ඩීසල් මිල වැඩි වෙලා තියෙද්දී කොහොමද බස්ගාස්තු අඩු වුනේ? මේ ඇමතිලා නිලධාරියෝ දන්නවද 1 වෙනිදා ඩීසල් පැට්‍රල් වැඩි කරා කියල? අඃ මට දැන් මතක් වුනේ සුපර් ඩීසල් සහ හයි ඔක්ටේන් පැට්‍රල් වැඩි කලේ නැහැ නෙව. අපි ඉතින් ගහන්නේ ඕව නෙවේ සර්. සොරි.

:       3       1

Bunny Preena Wednesday, 02 July 2025 08:52 AM

කාව සසදන්නද දන්නේ නැහැ, එහෙම අඩු කිරීමක් කෙරුවේ

:       0       3

Aslam Wednesday, 02 July 2025 09:22 AM

ලංකාවේ මිල අඩු කිරීමේ ක්‍රමය මොනතරම් විහිළුවක්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site