
(යොහාන් භාසුර)
බස් ගාස්තුව සියයට 12.19 කින් ඉහල නැංවීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා ඉහල නැංවීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු අද (23) පස්වරුවේ පැවසීය.
නව බස් ගාස්තුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අවම බස් ගාස්තුව මීට පෙර රුපියල් 27 ක් ලෙස පැවතුණු බව කී නිලධාරියා අවම ගාස්තු රුපියල් තුනකින් පමණක් ඉහළ දැමූ බව ද සඳහන් කළේය.
ඩීසල් මිල පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව සලකා බැලූ බවත් ඒ අනුව බස් ගාස්තු සමීකරණයට අනුව මෙම ගැනීම යෝජනා කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල අඩු කරන විට අඩු නොවී
කොහේද දන්නෙනැහැ අවම ගාස්තුව රූපියල් 27/= ට තිබුනේ
වැඩ බැරි ගොන් හැත්තට පුළුවන් එකම දේ ජනතාව මට බර පටවන්න විතරයි. ජනාධිපතිකම බල්ලෙක්ට දුන්නා නම් හරි !
අද ගෝලීය ඉන්ධන අර්බුදය උග්‍ර වන විට නවසීලන්තය පවුල්වලට මුදල් පරිත්‍යාග කිරීමට සූදානම් වේ. එදා ගෝටත් කොරෝනා වෙලාවේ දුන්නා . ලංකාවේ ආණ්ඩුවට දැන් සල්ලි තියනවා කියනවා . වහා ආර්ථික අපහසු ඇති අයට සහනාධාරයක් දෙන්න . ලිසිං වාරික ගෙවන්න සහනයක් දෙන්න .