
(ඩී.ජී.සුගතපාල)
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරිවල , ඉන්පිටත සහ බන්ධනාගාර රෝහලේ කළ හදසි සෝදිසියකදී හෙරොයින් , ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් සොයා ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් ඊයේ රාත්‍රියේදී මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.
දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන අටක් චාජර් හයක්, සිම් කාඩ්පත් පහක්,ඩේටා කේබල් නවයක්,ඇතුලු උපාංග රැසක් අත් අඩංගුවට ගෙන ඇත. මෙවා ඉදිරිකටයුතු සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පොලිසිය! ඒව බන්ධනාගාර මෑන්ටම දුන්නම හෙට ඉඳල ආයෙත් අවශ්‍ය තැනට යයි. ඒ සිම් කාඩ් නම්බර්ස්වලින් කාටද කතාකෙරුවෙ කියල හොයාගන්න. හැබැයි බන්ධනාගාර අයගෙන් ප්‍රශ්න කරන්න එපා. ඒ අය මොනවත්ම දන්නෑ. ආයෙත් කිව්ව ඔන්න මොනවත්ම දන්නෙම නෑ.
එක්කෝ බන්ධනාගාර කොමසාරිස් බූස්සේ පදිංචි විය යුතුයි, නැත්නම් STF එකට බූස්සේ බන්ධනාගාරයේ පාලනය භාර දිය යුතුයි.
හෝදල හෝදල ආයිත් මඩටම දාන්න එපා
ඇයි මේ ආණ්ඩුවටවත් බැරි ද සිග්නල් ජෑමර්ස් සවි කරන්න බන්ධනාගාර වල. එහෙම කළානම් ඔය ප්‍රශ්නය නිකංම විසඳෙනවා
දූෂිත නිලධාරීන්ගේ සහායෙන් නැවත නැවත සියලු අවශ්‍යතාවයන් සපුරාගැනීමි. ලොක්කාගේ ඉඳලා පොඩ්ඩා දක්වා ඇතුල්වීම හා පිටවුම දැඩි පරීක්ෂාවට ලක් කළොත් හා සටහන් පවත්වා ගෙන ගියොත්, තරමක් හෝ දුරට පාලනය කරගත හැකිවේවි