
(ඩී.ජී.සුගතපාල)
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ ශාලාවන් සහ පිටත භුමිය පරික්ෂා කිරිමේදි ජංගම දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය රැසක් අද(30) සවස අත් අංගුවට ගෙන තිබේ.
එම භුමිය තුළ වල දමා තිබු පොලිතින් බෑගයක් ගෙන පරික්ෂා කිරිමේදි එහි තිබි ජංගම දුර කතන 11ක් සිම්කාඩ් පත් 12ක් ෆෝන් චාජර් 03ක් රවුටරයක්,හෑන්ඩ් ෆ්‍රි 05ක්, පවර් බෑන්ක් 02ක්,දුර කතන බැටරියක්,කුඩා ප්‍රමාණයේ අයිස් මත්ද්‍රව්‍ය කැබලි එකක්,හෙරොයින් බවට සැකකරණ කුඩා පැකට් 40ක් සොයා ගෙන ඇත.
මෙම ද්‍රව්‍ය බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇති අතර බන්ධනාගාර මුලස්ථානයේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd