
(ලසන්ත නිරෝෂණ)
සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ.
හිටපු බස්නායක නිළමේවරයා ගේ රාජකාරි කාලය අවසන්ව්මෙන් පසු ස්ථිර බස්නායක නිළමේවරයකු පත්කරන තෙක් එස්වි. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පත් කරනු ලැබුවේය.
එම වැඩබලන බස්නායක නිළමේවරයගේ පත්කිරීම දේශපාලන වුවමනාව මත සිදුවුවක් බවත් සබරගමු මහා සමන් දේවාලයේ සම්ප්‍රදායට අනුකුලව සිදු නොවු පත් කිරිමක්බව දේවාලයේ තේවාවන් වලින් ඉවත්වු රාජකාරි මණ්ඩලය පවසයි .
රාජකාරි වලින් ඉවත්වු කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන්දේවාලයේ සිට රත්නපුර පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුහ.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුමහත්තුරුන්ට තමන් සේවය කරන දෙයියොත් විශ්වාස නැද්ද අප්පා ? මහපාරේ රස්තියාදු වෙන්නේ නැතුව ඔය ප්‍රශ්නය පඬුරක් ගැටගහල දෙයියන්ටම කීවානම් ඉවරයිනේ. සුටුස් ගාල විසඳලා දෙයි.
දෙවියෝ තරහ කර ගන්නවා කියන්නේ ඔක්කෝම ඉවර තමයි...
මේවා ඉතින් දෙයියන්ටම කියලා විසඳාගන්න ඕන දේවල්...
දැන් දෙයියෝ බඩගින්නේ අයියෝ...! මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න මිනිස්සුන්ටවත් කියලා බලමු.
දෙවියන් මේවාට මැදිහත් වෙන්නේ නැති නිසා හොඳයි. එහෙම නැතිව දෙවියන් දඬුවම් දෙන්න පටන් ගත්තා නම් මේගොල්ලන්ගේ ඇඩ්‍රසුත් නැහැ...
ඕක වහලාම දාන්න. ඕකේ ඇති දෙයියෙක් නෑ. කපුවන්ට නිලමේලාට බඩ ගෝස්තරේ හොයාගන්න දූප්පත් මිනිස්සුන්ගේ තුට්ටු දෙකට අනින තැන්...
@indika, ඇත්තටම මේ ප්‍රශ්නෙන් ගොඩ එන කරන්න පුළුවන් දෙයියන්ටද, මිනිස්සුන්ටද?
ඕවට තමයි කියන්නේ හත්පොලේ ගාගන්නවා කියලා.
මෙතැන අදහස් දාල තියන සමහර වහල් ජනය දන්නෙ නැහැ ආණ්ඩුවේ හිතවතෙක් නිළමේ තනතුරට තාවකාලිකව පත්කරල කියල.