
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගනු ලැබූ ඇතැම් ඖෂධ කල් ඉකුත්වීම සහ හානි වීම හේතුවෙන් එම සංස්ථාවට 2022 හා 2023 වර්ෂවලදී පමණක් රුපියල් අට කෝටි හැටතුන් ලක්ෂයකට වැඩි මූල්‍යමය පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
තත්වයෙන් අසමත් ඖෂධවල මුළු පිරිවැයවූ රුපියල් කෝටි විසි හයකින් කෝටි හතකට වැඩි මුදලක් අය කරගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර වෛද්‍ය සැපයුම් අංශය සදහා මිලදී ගත් රුපියල් කෝටි 32කට වැඩි වටිනාකමින් යුතු අයිතම විසි හයක් තත්වයෙන් අසමත්ව තිබූ බව පවසන විගණන වාර්තාව ඉන් අයිතම දහනවයකට අදාල කෝටි 28 කට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් කරගෙන නැතැයිද සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
මෙම වාර්තාව පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බාල බෙහෙත් අරන් කෝටි අටක් පාඩු කරලා