IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බලහත්කාරයෙන් පාසලට ඇවිත් ළමයින්ට පහරදීලා

(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල ප්‍රදේශය‍ේ ජාතික පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල්  සිසු සිසුවියන්ට අමානුෂික ලෙස පහරදීම නිසාවෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් දහයකට වැඩි පිරිසක් අද (11) සවස රෝහල් ගත කර ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පතිතුමා පවසයි. 

මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දින කිහිපයකට පෙරත් පාසල් දරුවන් කිහිපදෙනෙකුට පහර දී ඇති අතර අද(11) දිනයේදී තවත් පිරිසක් සමග පැමිණ පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර ඇතැයි ද ඔහු පැවසීය.

පිරිමි දරුවන්ට පහර දීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් බේරීමට ගිය පාසල් දැරියන්ටද මල් පෝච්චි ඉදල් කොසු මිටවල් ආදියෙන් පහරදීම සිදුකර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිල්ලක් සිදු කරන ලද බවද විදුහල්පතිවරයා පවසයි.



අදහස් (3)

බලහත්කාරයෙන් පාසලට ඇවිත් ළමයින්ට පහරදීලා

kam Wednesday, 12 February 2025 03:48 AM

විකාර ටෙලිනාට්‍ය බලලා මනස විකෘති වෙලා හිතන්නේ නීතිය අතට ගන්න පුලුවන් කියලා.

:       8       3

Selaka Wednesday, 12 February 2025 06:59 AM

කවුද ඔය ළමයින්ට ගහන චන්ඩියා? පොලීසිය පොල් ගානවද? භයද ඌට? ගරු පොලිස්පතිතුමනි මෙයට වහාම පියවර ගන්න.

:       0       11

Weerasena Wednesday, 12 February 2025 07:02 AM

ලංකාදීප පුවත්පතට ස්තූතියි. මේ පිළිබඳව රට දැනුවත් කරාට. මේ දරුවන්ට සාධාරණයක් වුනේ නැත්නම් ඒ පිළිබඳවත් ජනතාව දැනුවත් කරන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site