
(මනෝප්රිය ගුණසේකර)
වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.
පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපයිල් 88”59”708ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තොරතුරක්.
මෙහෙම දේවල් හිතාගන්නවත් පුලුවන්ද රාජපක්ෂල ප්‍රේමදාසල, රනිල්ල , චන්දරිකාල යටතේ ,අල්ලස් කොමිසමෙ සභාපති ඇඩ්රස් නැති මරනයක් හිමිවේවි
ඉතා හොඳයි, සාධාරණ සමාජයකට සැවොම එක සමානව නීතිය ඉදිරියේ සැලකෙන එක වැදගත්.
චෝදනා එල්ලවී ඇති cabinet ඇමැති පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කර ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවේ සුජාත භාවය ඔප්පු කල යුතුය.
පව් අහේ, පිරිසිදු නිකලැල් මල් පලා. කෝ මේ ගව සම්පත්? දැන් ඇති හෝදපල්ලකෝ.
මේ තමයි අප පැතු වෙනස නීතිය තමන්ගෙ එකාටත් එකයි, අති විෂිස්තයි ජනපති තුමනි, ඔබ කතාව වගේම ක්‍රියාවෙනුත් කරල පෙන්නුවට
දෙයියනේ මල් පැල ඉක්මණින්ම පරවෙලා
මේ හදන්නේ පරණ කේස් එකට දැන් නඩුවක් දාලා නිදොස් කොට නිදහස් කරන්න. නඩුත් ඔවුන්ගේ, බඩුත් ඔවුන්ගේ. මුන් රට කනවා.