IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බලංගොඩ කස්සප හිමිට නොතීසී

(අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ  බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා  නොසිති නිකුත් කළේය .

ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ.සමරසිංහ මහතා බී. වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යෑමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පැවසීය.

විමර්ශන වලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ  විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙස අදාළ බී. වාර්තාවෙන් පොලිසීය ඉල්ලා සිටියේය.



අදහස් (14)

බලංගොඩ කස්සප හිමිට නොතීසී

Siri Perera Monday, 24 November 2025 11:50 AM

හොදයි වැඩේ...

:       13       27

පන්සිළු Monday, 24 November 2025 11:50 AM

මෙහෙමයි දැන් රටේ දේවල් සිද්ධ වෙන්නේ. කලින් කලට මෙවැනි දේවල් එනවා.

:       26       15

කෞෂිMonday, 24 November 2025 03:10 PM

ඔව්, බලංගොඩ නමටත් ලැජ්ජයි.

:       8       20

Ekanayake Monday, 24 November 2025 12:35 PM

ගම්මන්පිල, ඔන්න තවත් තුත්තිරි ගහක්. එල්ලුණා නම් හොඳයි නේද?

:       15       28

HafeelMonday, 24 November 2025 02:32 PM

ඒකනායක, ඔබතුමා කිව්වා වගේ දැන් ගම්මන්පිලටත්, වීරවංශටත් මයික් තලන්න හොද අවස්ථාවක්...

:       7       9

Janaka Monday, 24 November 2025 01:45 PM

ඉතාම හොදයි. නිවැරැදිව නීතිය කරන්න. ආන්ඩුකම ව්‍යවස්ථාවේ බුද්ධාගමට දිය යුතු තැන මේවාට අදාලම නැහැ.

:       12       15

රනේ Monday, 24 November 2025 02:19 PM

බුද්ධ කාලයේ පවා වැරැදි කරලා චීවරයේ පිහිට පැතූ භික්ෂූන්ගේ වෙස් ගත් අය සසුනෙන් පන්නා දැම්මා.

:       8       11

Nihal Dharmatileke Monday, 24 November 2025 02:19 PM

මේ වගේ පොලීසි තමයි රටට ඕනේ...

:       8       10

Fairoos Monday, 24 November 2025 02:22 PM

මේ මජර ආණ්ඩුව හැමදාම අල්ලන්න ඕනෙ අය කොහෙවත් ඉද්දී අල්ලගන්න යන්නේ වෙන කවුරුවත්.... ඊළග පාර 3% බහිනවනේ මේ දුර්දාන්ත පාණ්ඩුව...

:       26       13

කෞෂිMonday, 24 November 2025 05:15 PM

ටීවී එකේ 21දා ගුණරත්නගේ ඩාන්ස් එක දැක්කද, හරිම ලස්සනයි.

:       8       11

පිටරැටියා Monday, 24 November 2025 03:39 PM

මෙයාගේ කියුම් කෙරුම් ගැන අපි කාලයක් තිස්සේ හරි අවදානයෙන් උන්නේ. බොරුව සමාජගත කරමින්, ජනතාවගේ ඔලුවට විෂබීජ දාන එකයි කෙරුවේ. බුද්ධ චීවරයටත් නින්දාවක්...

:       10       15

දයාන් කන්නන්ගර Monday, 24 November 2025 06:27 PM

රටේ යහපත් අනාගතය උදෙසා මෙවැන්නන් ඉවත් කළ යුතුයි.

:       10       7

Perera Tuesday, 25 November 2025 12:15 AM

බුද්ධ ශාසනය විනාශ කරන එකෙක් මූ

:       1       1

Nishan Tuesday, 25 November 2025 03:32 AM

බුදුපිළිම අයින් කරනවා, බෞද්ධ පුරාවිද්‍යාභූමි අයින් කරනවා, හාමුදුරුවන්ට ගහනවා, හාමුදුරුවරු උසාවි අරන් යනවා. මේ ලබලා තියෙන්නේ ලංකා ඉතිහාසයේ තවත් අවිචාර සමයක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site