
(පද්මසිරි ගාර්දියවසම්)
බෙලිඅත්ත - දික්වැල්ල මාර්ගයේ කුඩාහීල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ෙ තංගල්ල සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථය සහ දික්වැල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ මත්තල ගුවන් තොටුපොළට සේවකයන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථයකි.
අනතුරින් ලංගම බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මගින් පිරිසක් තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසියේ රථවාහන අංශය පැවසීය .
තුවාල කරුවන් බෙලිඅත්ත හත්බෝධිය රෝහලට සහ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ලංගම බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බවද පොලිසිය කීවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd