
(අංජුල මහික වීරරත්න)
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර වඩාත් පුළුල් නව සැලැස්මක් යටතේ අංග සම්පූර්ණ ජාතික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පාලන අධිකාරිය සමග සාකච්ඡාවක නිරත විය.
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමර 87 කින් ද යුක්ත වේ. වාර්ෂික ව බාහිර රෝගීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට ප්‍රතිකාර සේවාවන් මෙම රෝහලෙන් ලබා දෙන අතර තුන්දහස් පන්සියයකට අධික පිරිසකට වාර්ෂික ව නේවාසික ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ඇත. මෙරට එකම ආයුර්වේද ජාතික රෝහල ද මෙය වේ.
මෙහි දී අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ගෙවන කාමර, සායන පරිශ්‍රය, මුළුතැන්ගෙය, ඖෂධාලය, පංච කර්ම ඒකකය, ඇතුළු රෝහලේ සියලු අංශ මෙන් ම රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක්කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන් ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් පිළිබඳව සොයා බැලුවේය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බොරැල්ල ආයුර්වේදය අංක එකට ගේන්න යයි
සුරේන් Friday, 24 January 2025 02:31 PM
පුරසාරම් දොඩවමින් කතාවෙන් අනිකාව අවමනයට ලක්කරන්න කාලෙ නාස්ති කරන්නෙ නැතුව ඔන්න කරනවනම් වැඩ
Kapila Friday, 24 January 2025 09:41 PM
ආයුර්වේද රෝහලක් බලන්න සෞඛ්‍ය ඇමතිවරක් ආවාමයි. හෙළ වෙදකම සහ සංචාරක ව්‍යාපාරය ඒකාබද්ධ කලොත් ගොඩේ ගොඩ සැලැස්ම සාර්ථක වේවා.