
( රංජිත් රාජපක්ෂ )
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය.
බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සදහා පැමිණි සිසුන් පිරිසක් (14) දින තේ වත්තේ ක්ෂේත්‍ර චාරිකාවක නියැලි සිටියදී තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී තමන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් කියා සිටියේය.
එම පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුවක් සදහා විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබන සිසුන් රැසක් මේ දින වල නේවාසිකව නතර වී එම වැඩමුළුවට සහභාගි වී සිටිති.

2025 දෙසැම්බර් මස 04
294
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරුඇන සරසවි සිසුන් 6 ක් රෝහලේ