
(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය දුම්රිය පොළ ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සරසවියක ඉගෙනුම ලබමින් සිටින (22) හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා දුම්රිය පොළ ආසන්නයේ ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටියදී. බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සරසවි සිසුවාගෙන් ප්‍රශ්න කරමින් බම්බලපිටියේ අවන්හලකට වසරක් පිරීම නිමිත්තෙන්, ඊයේ 5) දිනයේ එය සැමරීම සඳහා මෙලෙස ඩ්‍රෝන යානා ව ගුවන් ගත කළ බව ප්‍රකාශ කර ඇත.
සරසවි සිසුවා සහ ඔහු භාරයේ තිබූ ඩ්‍රෝන යානාව බම්බලපිටිය පොලිසියට පොලීසියට බාර දී ඇත.
COMMENTS
ඒකා දන්නේ නැතිද ලංකාව තාම ගල්යුගයේ කියල.....
අම්මගෙ අනුදැනුම මත ඩ්‍රෝන මගින් අම්මගෙ තරහ කාරයින්ගෙ වහලවල් මතට ගල්දමා වහලේ තහඩු කඩන එකෙක් කලකට පෙර ගම්බද ප්‍රදේශයක හිටියා කියලා අහල තියෙනවා මේ ඒ කොලුවද කියලා බලන්න