
(අංජුල මහික වීරරත්න)
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව බෝමිරිය විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.
එහිදී, අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැනුවත් කිරීමද සිදු කෙරිණ.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතිකපත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් පාසල වෙත වටිනා පැලයක් ප්‍රදානය කිරීමද සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ඉස්කෝලේ... ආඩම්බරයි...