
(යොහාන් භාසුර)
බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසිය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොමසාරිස් ජනරාල් කාර්යාලයේ දී එම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැති බවත් එහිදී වර්ජනය හේතුවෙන් පැනනැගී ඇති ගැටලු සහ ඒ සඳහා විසඳුම් දීමට අමාත්‍යවරයා ගත් පියවර සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd