
(හේමපාල ලියනගේ)
උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
නඩු විභාගය අවසන්ව අත්විලංගු යොදා ගාල්ල බන්ධනාගාරය දක්වා රැගෙන යාමට බන්ධනාගාර බස්රථය වෙත රැගෙන එමින් සිටියදී මොවුන් මෙසේ බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පලාගොස් ඇත.
මෙම සැකකරුවන් ගෙන් එක් අයෙක් උඩුගම පොලිස් වසමට අයත් හෝමදොළ ප්‍රදේශයේ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා නාගොඩ වාඩියකන්ද ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd