
(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.
අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු බන්දුල කරුණාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට ආණ්ඩුව නිවේදනය කළ අතර ඔහුට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා මීට පෙර දැනුම් දීමක් කර තිබිණි.
බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස පත් කෙරුණු ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) දිවුරුම් දුන්නේය.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත. ලෆාර් තාහිර් මහතා අභියාචනාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයායි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනටම මාලිමාවේ උදවිය. ඒක දේදේශපාලනීකරණය නෙවෙයි. මාලිමාකරණය.
පහුගිය දවස් වල නඩු සෑහෙන්න කල් දැම්මා. අපි උසාවි එන්නේ පුදුම වියදමක් කරලා. ඒ නිසා නඩු ඉතා ඉක්මනින්ම විසදා දෙන කමවේදයක් හිතා බලන්න.විසදල ඉවරයක් කරන්න පුලුවන් නඩුවත් ඉවර කරන්නේ නැහැ. ඒක මහා අපරාධයක්.මිනිස්සුන්ට පව්.මම මගේ ගිය මාස දෙක් මුලු වැටුපම වියදම් කලේ ලෙයෛර්ලාට සහ බස් වලට.අපේ දරැවො නඩුව දාට වඩගින්නේ.අපි ගැනත් ටිකක් හිතන්න.
රම්බොඩට අකුරු බැරිද? ඔතන කොහෙද මාලිමාවක්? තමුන්ලා වගේ වහල් වලව් මානසිකත්වය ඇතිව ඉන්න අයට මාලිමාවේ ජනාධිපති දකිනකොට පස්සෙ ඉත්තෑවෝ දුවනවා වගේ දැනෙනවා ඇති. ඒකට ඉතින් මොනව කරන්නද?