IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා


(යොහාන් භාසුර)

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

කොළඹ හැව්ලොක් පෙදෙසෙහි පිහිටි මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිල අසල ශ්‍රවනාගාරයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

කොළඹ නගරය විවිධත්වයෙන් පිරුණු නගරයක් මෙන්ම එහි කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ ජාතීන්, ආගම් සහ පන්තිවල ජනතාව ජීවත් වන බවත් ඉතාම පොහොසත් පිරිසක් මෙන්ම තමන්ගෙ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි පිරිස් දක්වා විශාල පරාසයක මිනිසුන් ජීවත් වන නගරයක් බවත් ඇය පැවසුවාය.

කොළඹ නගරයේ සංවර්ධනය විය යුතු දේවල් විශාල වශයෙන් ඇති අතර කොළඹ මහ නගර සභාව වාර්ෂික විශාල ආදායමක් ලැබුවද ජනතාව ගෙවන බදු මුදල්වලට වෙන්නේ කුමක්දැයි ජනතාව දැනගත යුතු බව ද අග්‍රාමාත.්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් කීවාය. 

 



අදහස් (0)

බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site