
(නිමල් ජයරත්න)
තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කළේය.
දින දහතුනකට පසුව විසිඑක් වෙනිදා මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට පෙට්ට්ල් ලීටර් 6,600 ක ප්‍රමාණයක් ලැබුණු අතර ඒවා ලබා ගැනීමට දින ගණනාවක් ඉන්ධන පෝලිමේ සිටි යතුරුපැදි කරුවන් සහ ත්‍රීරෝද රියදුරන් මෙන්ම ප්‍රදේශවාසීන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔහුගේ ප්‍රණාමනය ආචාර්යද හිමිවිය.
ගමනාන්තය දක්වා අවශ්‍ය පෙට්රල් ලබාගත් රුසියානු ජාතිකයා පෙට්රල් බෝතලය ලබාදීමට මැදිහත්වූ රියදුරට ඉන්ධන පිරවුම්හලෙන් ලබාදුන් ඉතිරි මුදල රියදුරුට ලබාදීමට කටයුතු කළද එම රියැදුරු මුදල ලබාගැනීමද ප්‍රතික්ෂේප කරමින් අතටදී ඔහුව යතුරුපැදිය අසලටම ඇරලීමට කටයුතු කළේය.

COMMENTS
විශිෂ්ඨයි... මගේ ආචාරය.
මෙන්න මිනිස්සු , ඔබලා දැක්වූ ඒ් සත්ක්‍රියාව පත්තරෙන් දකින අපි පමනක් නොවේ ඒ් විදේශිකය මුලු ලොවටම කියාවි.
ඉතාමත් ප්‍රශංසනීයයි. විදේශීය ප්‍රජාව අතරේ සංචාරක ගමනාන්තයක් ලෙස මෙරට නම විනාශ කිරීමට දායක වන සියල්ලන්ටම කදිම කනේ පහරක්!
සුපිරි මනම්පිටියේ සෙට් එක ! එතකොට බදුල්ලෙ මොකක්ද සීන් එක ?
ඉතාම හොඳ වැඩක්...!
අපිට මොන අගහිඟකම් තිබුණත් අපි මනුස්සකම තියෙන ජාතියක්. මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසට සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසට අපගේ ප්‍රණාමය. ඔය මනුස්සකම රත්‍රන් වලට වඩා වටිනවා මිනිසුනේ. අපි අසරණ වෙලා හිටියත් මේවා අපි රැකගනිමු.... තෙරුවන් සරණයි ඔබලාට
මේ තමයි මම අඳුනන නියම ශ්‍රී ලාංකිකයෝ.
මනම්පිටිය රියැදුරු සංගමයට හා එම අවස්ථාවට දායක වූ හැම දෙනාටම අප රටේ හැමදෙනාගේම ප්‍රණාමය පුදකළ යුතුයි. ශ්‍රී ලාංකිකයින්ගේ මනුස්සකම ලෝකයාට පෙන්වීමට හොඳ අවස්ථාවක් උදාකරදීම දේශපාලකයන්ගේ ඇස් ඇරේවා...!
මනම්පිටියෙ ලාංකික ජනතාවට අපේ උත්තමාචාරය.. හැබැයි ඔබෙ මෙ අවංක හොද හිත දේශපාලුවන්ට පිනට දෙන්න එපා.. එක හොදට මතක තියා ගන්න.
හොඳ වැඩක්... මම ගොඩක් අගය කරනවා.