IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු

(පාලිත ආරියවංශ)

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය පැවසීය.

ඇය එසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් ආපදා තත්වය පිළිබඳව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගායේ දී පැවැති සාකච්ඡාවක දීය.

ආපදාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුන් දහසකට අධික පවුල් සංඛ්‍යාවක් මෙතෙක් නැවත පදිංචි කිරීමක් සිදුව නැති බවද මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව කාළගුණික දේශගුණික විපර්යාසවල ගෝලීය අධිඅවදානම් රටක් ලෙස අහිතකර බලපෑමට ලක්වෙමින් පවතින අතර මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යාම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, වසංගත තත්ත්ව වර්ධනය වීම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදී බලපෑම් නිරන්තරයෙන් සිදුවෙන අතර මෙමඟින් වාර්ෂිකව විනාශවන පුද්ගල හා දේපළ අති විශාල බවද නිළධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.

 



අදහස් (0)

බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 168 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site