(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහියංගන මාර්ගයේ බෝක්කුවක් යට අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (13) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
මෙම මළසිරුරු දෙක සොයා ගන්නා විට බෙහෙවින්ම නරක්වි දුගඳ හමමින් තිබූ බවත් පොලිසිය කීය .
තල්දෙන බෝලියද්ද මල්වත්ත ප්‍රදේශයේ බදුලුඔයේ දෙල්ගහයට වැලි තොටුපොළේ වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයකු බදුලු ඔයේ ගසාගෙන ආ විශාල දැව කොටයක සිරවී මුනින් අතට හැරී තිබු මෙම මළසිරුරු ප්‍රථමයෙන් දැක ඇති බවත් එම මළසිරුර සොයා ගන්නා විට නිර්වස්ත්‍රව, නරක් වී පනුවන් ගසා දුගඳ හමමින් තිබිනැයි පොලිසිය පැවසීය .
එම මළසිරුරු හදුනාගැනීමට නොහැකි පරදි විනාශ වී ඇත.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බදුල්ලේ තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවේ
ගුණරත්න Thursday, 13 March 2025 10:18 PM
හැමදාම රටේ කොතැනක හරි පාරක් අයිනේ මිනියක් හමුවෙනවා, ඇයි මේ තරම් ඝාතන වැඩි වී තිබෙන්නේ? කෝ රජය කිවූ පාතාල මර්දන, කෝ ආරක්‍ෂිත නීති ගරුක සමාජය?