
(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය.
විවාදය එදින උදේ 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
මෙම විවාදය මැයි මාසයේ තවත් දිනයක පැවැත්වීමටද මෙහිදී තීරණය කර ඇත.
මෙම වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
අසූඅට අසූ නවය කාලවකවානුවේදී සිදුවී ඇතැයි පැවසෙන මිනීමැරුම්, පැහැර ගැනීම්, දේපළ හානි කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේන් තොරතුරු අනාවරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හැන්සාඩ් එකේ තියෙන්න ඕන. ඒ වගේම ලංකාවෙ පෙළපොත්වලටත් 1971 තරුණ නැගිටීම, 1983 කලු ජූලිය, 1987 - 1990 භීෂණ සමය, සිංහල තරුණයන් ආයුධ අතට ගැනීම, දෙමල තරුණයන් ආයුධ අතට ගැනීම වගේ දේවල් ඇතුලත් කරන්න ඕන.
ඒ වගේම NPP එක 2024 ශ්‍රී ලංකාව භෝරුන්ගේන් බේරගන්ත බවත්
මේවා ඊලඟ පරම්පරාවට වැදගත් රටේ වෙච්ච අභිරහස්, ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු අතුරුදහන් වුන රට. දෙවැනි ලෝක සංග්‍රාමයට වුනේ නැති දේවල් මේ.