
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේය.
මහජන ආරක්ෂක නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විවාදය ආරම්භ කරමින් බටලන්ද වධකාගාරයේ සිදු වී ඇතැයි පැවසෙන ඝාතන හෙළි කළේය.
ඒවාට සම්බන්ධ පිරිසකගේ නම්ද සඳහන් කළේය.
මෙම විවාදය මැයි මාසයේදී දෙවෙනි දිනයටත් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් ගම් හැන්සාඩ් එකේ වාර්තා වෙන එක ඉතාම හොඳයි. අනාගත පරපුරට ලංකාව මොන විදිහේ පරිච්ඡේද පහුකරගෙන ඇවිල්ල තියෙනවද කියල දැනගන්න. ඒ වගේම වින්සන් ප්‍රනාන්දුගේ රහස් කට උත්තරයත් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. මිනීමරුවන්ගේ දේශපාලන අනාගතයට හානිවෙයි කියල ඒක එලියට දැම්මෙ නැහැ.
උතුරේත් දකුණේත් ත්‍රස්තවාදී ක්‍රියා කරපු තරුණයින්ව, නායකයින්ව ඝාතනය වුණා. හිරේ දැම්මා. රාජ්‍ය ත්‍රස්තවාදීන්ට නිසිලෙස දඬුවම් දීම දැන් කළ යුතුයි.
වටගලයා ඒ දවස් වල ශිෂ්‍ය ව්‍යාපාරයේ නෙමෙයි, කුරුණැගල පැත්තේ පන්සලක මහණවෙලා හිටිය සාමනේර කෙනෙක්. පස්සේ පන්සලේ පිං කැටේත් හොරකං කරගෙන, සිවුර රෙදිවැලේ වනලා ගිහින් තමයි හීරලුවෙක් වුනේ!