
(අංජුල මහික වීරරත්න)
මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ.
ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික භා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ බැම්ම තව ටිකක් ඇතුළට කරලා හැදුවොත් , මාළු මාකට් එක ලඟ තියෙන අධික මාර්ග තදබදයට විසඳුමක් වේවි . මේ ගැනත් හොඳින් කල්පනා අකරලා බලන්න .නිරපරාදේ මිනිසුන් රස්තියාදු වෙනවා නගරයේ මාර්ග තදබදය නිසා. ඇතුළේ කිසිම වැඩක් නැතුව, ගොඩනැගිලි වටකරන් ඉන්නවා."
ඉස්සරහට බෝගම්බර යන්න කට්ටිය ඕකෙ ආයෝජනය කලොත් හොඳ නැද්ද? හොරකං කරලා මඩි ගහගෙන ඉන්න කළු සල්ලි සුදු කරගන්න හොඳ අවස්ථාව.
ඔන්න ඕක තව අවුරුදු 4ක් ඔහොම්ම තියෙන්න හරින්න. කන්ටේනර් 323ක් පුරවලා උද්දච්ච කුහක මලිමා ආණ්ඩුවේ පචෝරිස්ලා සෙට් එක ගෙනෙල්ල දාන්න, පංකාදු තැන ! ඔයහරියේම මුන්ට චන්දෙ දීපු හරක් ටික දිගේලි කරන්න, තණකොළ ටිකක් දැන්ම ඉදන් වැව්වානම් !