IMG-LOGO

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි

(අංජුල මහික වීරරත්න)

මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. 

ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික භා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි

Hasith Tuesday, 03 June 2025 01:40 PM

මේකේ බැම්ම තව ටිකක් ඇතුළට කරලා හැදුවොත් , මාළු මාකට් එක ලඟ තියෙන අධික මාර්ග තදබදයට විසඳුමක් වේවි . මේ ගැනත් හොඳින් කල්පනා අකරලා බලන්න .නිරපරාදේ මිනිසුන් රස්තියාදු වෙනවා නගරයේ මාර්ග තදබදය නිසා. ඇතුළේ කිසිම වැඩක් නැතුව, ගොඩනැගිලි වටකරන් ඉන්නවා."

:       1       7

කව්ද බෝයි Tuesday, 03 June 2025 02:49 PM

ඉස්සරහට බෝගම්බර යන්න කට්ටිය ඕකෙ ආයෝජනය කලොත් හොඳ නැද්ද? හොරකං කරලා මඩි ගහගෙන ඉන්න කළු සල්ලි සුදු කරගන්න හොඳ අවස්ථාව.

:       2       6

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 03 June 2025 03:35 PM

ඔන්න ඕක තව අවුරුදු 4ක් ඔහොම්ම තියෙන්න හරින්න. කන්ටේනර් 323ක් පුරවලා උද්දච්ච කුහක මලිමා ආණ්ඩුවේ පචෝරිස්ලා සෙට් එක ගෙනෙල්ල දාන්න, පංකාදු තැන ! ඔයහරියේම මුන්ට චන්දෙ දීපු හරක් ටික දිගේලි කරන්න, තණකොළ ටිකක් දැන්ම ඉදන් වැව්වානම් !

:       20       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32660 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15229 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9970 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 148 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 446 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1358 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site