IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පී.සී යතුරු පැදියෙන් අධිවේගී මගේ ගොස් කාරයක හප්පලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ පිටත වටරවුම් මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින්  සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමට සලසවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී අතුරුගිරිය රථ වාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙම්මුල්ල පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකි.

අනතුරින් කොස්තාපල් වරයාට සුළු තුවාල සිදු වී ඇත.

සුඛෝපභෝගී මෝටර් රථය කඩවත සිට මාතර දෙසට පැමිණීමේදී සැකකාර කොස්තාපල් එම මාර්ගයේම කඩුවෙල සිට කඩවත දෙස ට යතුරුපැදිය අනතුරුදායක ලෙස ධාවනය කර මෙම අනතුර සිදු කර තිබූ බව පොලිසිය කියයි.

කොතලාවල අධිවේගී පිවිසුමෙන් මාතර දිශාවට ගමන් ගන්නා මාර්ගයෙන් ඇතුළු වී තිබූ කොස්තාපල්වරයා මීටර් 100ක පමණ දුරක් මාතර මාර්ගයේ ගමන් කර ආපසු හරවාගෙන කඩවත දෙසට යතුරුපැදිය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

අනතුරින් සුඛෝපභෝගි මෝටර් රථයේ ඉදිරිපස වම්පසට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොස්තාපල්වරයා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

අධිවේගී මාර්ග රථ රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න,සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්දසේකර මහත්වරුන් ගේ උපදෙස් මත කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනු පාලක මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි



අදහස් (2)

පී.සී යතුරු පැදියෙන් අධිවේගී මගේ ගොස් කාරයක හප්පලා

Robert Monday, 27 June 2022 12:10 AM

කන පැලෙන්න ගහන්න ඕනේ...

:       0       1

සකලගුරු Monday, 27 June 2022 08:44 AM

එම කොස්තාපල්ට දඬුවමක් නොදුන්නොත් මෙය පූර්වාදර්ශයක් කරගෙන තෙල් මාෆියාවේ අය අධිවේගී මාර්ගයේ නීති කඩාවි කියලා හිතන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 258 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 237 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site